BREAKING
තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●
Top Ad
පුවත්

මේ. ජනරාල් උදය නානායක්කාර UDA සභාපති ධුරයට?

T

The Leader Desk

July 10, 2021 • 4:03 PM

මේ. ජනරාල් උදය නානායක්කාර UDA සභාපති ධුරයට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) සභාපති ධුරයට පත්කිරීමට
  •   අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරාට ජනාධිපති කාර්යාලයෙන් ඒ සම්බන්ධ දැනුම්දීමක් ලැබී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
  •    මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මේවනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.
  •   දැනට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):
නියමිතව ඇතැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරාට ජනාධිපති කාර්යාලයෙන් ඒ සම්බන්ධ දැනුම්දීමක් ලැබී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
 මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මේවනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.
 
දැනට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වාය.
 
ඔහු ජනාධිපතිවරයාට සමීප නිලධාරියකු ලෙස සැලකුන ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවරන ඇතැම් රාජකාරි කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොකරන බවට මොහුට විවේචන එල්ලවී ඇතැයි පැවසේ. '' මේවා කරලා මට අයෙත් නිකන් හිරේ යන්න බැහැ ..'' කියමින් ඔහුට පවරනු ලැබූ ඇතැම් නියෝග පැහැර හැර තිබෙන බවට ජනාධිපති කාර්යාලයට වාර්තා වී ඇතැයි ද සඳහන්වේ.
 
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ අවස්ථාවේදී ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා ද විත්තිකරුවකු ලෙස නම්කර තිබිණ. 
 
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කලේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා ය.
 
මෙලෙස ම '' මේවා කරලා මට අයෙත් නිකන් හිරේ යන්න බැහැ ..'' කියමින් ජනාධිපති කාර්යාලයේ ඇතැම් නියෝග බැහැරකල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ  අනුෂ පැල්පිට ට ද  කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත්ව විශ්‍රාම ගන්වන තැනට කටයුතු සිදුවිය.
 
 
 
විදේශ සේවා කාර්යාංශයටත් හමුදා නිලධාරියෙක් :
 
fhgfgf
 
මේ අතර ජනාධිපතිවරයා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පසුගියදා පත්කළේය.
 
සභාපති තනතුරට අදාල ලිපිය ඔහු විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගෙන් ලබාගත්තේ ජුලි 08 වෙනිදාය. .
 
එම ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කමල් රත්වත්තේ පසුගියදා හදිසියේ අභාවයට පත්විය.
 
මහින්ද හතුරුසිංහ ඒ දක්වා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය.
 
 

 

 

 


 

THE LEADER TV
 
 

ගෝඨා සේරම දමල ගහල යයි ද?

 
 
මාස තුනකින් වැටෙන හැටි මංගල පහදයි! - බැසිල්ට ලිපියක්!
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...