නිවැරදිව භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වා තිබේ.
වෛද්‍ය නොවන රෙදි මුඛ ආවරණයක් ආරක්ෂිතව පළදින ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අචල ජයතිලක වීඩියෝවක් මගින් පැහැදිලි කරන පියවර මාලාව පහත වේ.
# රෙදි මුඛ ආවරණයක් නිවැරදිව භාවිත කරන්නේනම් සෑම විටම දැතේ සනීපාරක්ෂාව සහ ස්වශන ආචාරශිලීත්වය නඩත්තු කිරීම මෙන්ම, අඩුම තරමේ කායික දුරස්ථභාවය මීටරයක්වත් පවත්වාගැනීම මගින් කොරෝනා වෛරසය බෝ වීම අඩු කිරීමට හෝ වැළැක්වීමට හැකිය.
# සෑම විටම මුඛ ආවරණයේ එක් පැත්තක් පමණක් භාවිත කළ යුතු අතර පැති මාරු නොකරන්න.
# සමහර මුඛ ආවරණ වල ලෝහ කැබැල්ලක් ඇත. ඔබේ මුඛ ආවරණය එවැනි එකක්නම් එය ඔබේ නාසයට උඩින් තදවන ආකාරයට පළදින්න.
# මුහුණේ දෙපැත්තෙන් කිසිදු හිඩැසක් නොවන ලෙස මුඛ ආවරණය මුහුණට සකස් කළ යුතුය.
# මුඛ ආවරණය පැළද සිටින විට එය ස්පර්ශ කිරීමෙන් වළකින්න.
# ඔබේ මුඛ ආවරණය අපිරිසිදු හෝ තෙත් වු විට එය මාරු කරන්න.
# මුඛ ආවරණය ගැලවීමට ප්‍රථම ඔබේ දෑත් පිරිසිදු කර ගන්න.
# මුඛ ආවරණයේ ඉදිරිපස ස්පර්ශ නොකර හිස හෝ කණ පිටුපස ඇති පටි ඉවත් කරන්න.
# ඔබ මුඛ ආවරණය ඉවත් කරන විට එය ඔබේ මුහුණෙන් ඉවතට ගලවන්න,
# ඕනෑම මුඛ ආවරණයක් ඉවත්කිරීමෙන් අනතුරුව ඔබේ දෑත් පිරිසිදු කර ගන්න,
# ඔබට රෙදි මුඛ ආවරණයක් නැවත භාවිත කිරීමට අවශ්‍ය නම් එය පිරිසිදු කර නැවත මුද්‍ර තැබිය හැකි බෑගයක ගබඩා කරන්න,
# මුඛ ආවරණය බෑගයෙන් ඉවතට ගැනීමේදී ඉලස්ටික් පටි වලින් ඇල්ලිය යුතු අතර එය තෙත් හෝ අපිරිසිදු වී නැති බවට වග බලා ගන්න,
# රෙදි මුඛ ආවරණ අවම වශයෙන් දවසකට වරක්වත් සබන් හෝ පිරිසිදු කාරකයකින් සෝදන්න. වඩාත් සුදුසු උනුවතුරෙන් සේදීමයි. එය අව්වේ වෙලා ගත යුතු අතර හැකිනම් මැදගන්න,
# මුඛ ආවරණ හවුලේ භාවිත නොකරන්න,
# මුඛ ආවරණයෙන් පමණක් ඔබව ආරක්ෂා කළ නොහැකි බව මතක තබා ගන්න,
# වෛරසය පැතිරීම වැළැක්වීම සදහා මුඛ ආවරණය සමග අනෙකුත් වැළැක්වීමේ පියවර අනුගමනය කරන්න,
# අන් අයගෙන් අවම වශයෙන් මීටරයකවත් දුරස්ථභාවයක් පවත්වා ගන්න,
# ඔබේ දෑත් නිතරම හොදින් පිරිසිදු කළ යුතු අතර මුහුණ සහ මුඛ ආවරණය ස්වර්ශ කිරීමෙන් වළකින්න.
# ආරක්ෂිතව සිට අප සැවොම එක්ව කොව්ඩ් 19 පැතිරීම වළකමු.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ වීඩියෝව පහතින්,



