BREAKING
Top Ad
Opinion

ෂර්මි කුමාර් හිරේ නම් ඇය විකුණගෙන කෑ YouTube නාලිකා සිටිය යුත්තේ කොහේ ද?

T

The Leader

December 4, 2019 • 11:31 AM

ෂර්මි කුමාර් හිරේ නම් ඇය විකුණගෙන කෑ YouTube නාලිකා සිටිය යුත්තේ කොහේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි.
  • ඇත්තට ම සිදු වී තිබෙන්නේ යූටියුබ්කාරයන් විසින් ෂර්මි කුමාර්ව සිල්ලරට විකුණාගෙන කෑමයි.
  • කැමරාවක් ඉදිරියේ කතා කළ යුතු, කතා නොකළ යුතු දේ නොදත් මේ ගැහැණිය දමාගෙන යූටියුබ් චැනල් කළ පිරිමි ඇය දූෂණය කළ තරම් ඇය ඇත්තට ම සෙක්ස් හෝ කරන්නට නැත.
  • ඇගේ වීඩියෝ බලා ආතල් ගන්නා පිරිමි බොහෝ අය ගණිකාවක් ලෙස හෝ ඇය මිළ දී ගැනීමට කැමති වේ යයි සිතිය නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් උද්ඝෝෂණයක් කරමු යයි එක් රැඩිකල් වාමාංශිකයකු යෝජනා කර තිබෙනු ද දුටිමි.

ෂර්මි කුමාර්ගේ වීඩියෝ මා බැලුවේ මෙම සිදුවීමෙන් පසුව ය. ඇත්තට ම සිදු වී තිබෙන්නේ යූටියුබ්කාරයන් විසින් ෂර්මි කුමාර්ව සිල්ලරට විකුණාගෙන කෑමයි. එසේ නින්දිත අන්දමින් සූරාකෑමට ලක්වන ගැහැනියකට එසේ සූරාකෑමට ලක්වීමට තිබෙන අයිතිය වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටිය යුත්තේ ඇයි?

Text 19සම්ප්‍රදායික සංස්කෘතියක ජීවත් වූ දෙමළ කාන්තාවක ලෙස ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ මූලික කාරණා නොදැන සිටි බවත්, තමන් පළමු වරට ලිංගික සංසර්ගයේ යෙදුණේ වයස අවුරුදු 27දී විවාපත්ව පළමු රාත්‍රියේදී සැමියා සමග බවත් පවසන මෙම කාන්තාවගේ වීඩියෝ බැලූ විට පෙනී යන්නේ ඇය බෙහෙවින් පාවිච්චි වී ඇති, දැනටත් යූටියුබ් නාලිකා කරන පිරිමින් වෙත සීමාවකින් තොරව පාවිච්චි වන, කුමන හෝ ආකාරයකින් ප්‍රදර්ශනය වීමට කැමති, නීතියක් රීතියක් නොදත්, වාචාල, මෝඩ කාන්තාවක් බවයි.

යූටියුබ්කාරයන් මේ ගැහැණියගේ ලිංගික වාචාලකම් විකුණන අතර මොවුන්ට හිටිහැටියේ සිංහල බෞද්ධකම හා මුස්ලිම් හා දෙමළ විරෝධය පවා මතක් වන්නේ හාස්‍යය මතුකරමිනි.

කැමරාවක් ඉදිරියේ කතා කළ යුතු, කතා නොකළ යුතු දේ නොදත් මේ ගැහැණිය දමාගෙන යූටියුබ් චැනල් කළ පිරිමි ඇය දූෂණය කළ තරම් ඇය ඇත්තට ම සෙක්ස් හෝ කරන්නට නැත. ඇගේ වීඩියෝ බලා ආතල් ගන්නා පිරිමි බොහෝ අය ගණිකාවක් ලෙස හෝ ඇය මිළ දී ගැනීමට කැමති වේ යයි සිතිය නොහැකි ය.

එවැනි වාචාල, මෝලක් හෙවත් යන්ත්‍රයක් වැනි ගැහැණියක සමග ලිංගිකව එක්වීමෙන් තෘප්තිය ඇය බාල වයස්කාර දැරියකගේ මවකි. නැවත විවාපත් වන්නට ද අදහසක් තිබේ. ඇය ලිංගික සංසර්ගය ගැන කතාකරන්නේ තිබහට වතුර බීම වැනි වැඩක් සේ ය. ලිංගිකත්වය ඒ මට්ටමට ගිය විට එහි තවදුරටත් රසයක් ඉතිරි වේද යන්න ප්‍රශ්නයකි.

 

ඇතැම් පිරිමින්ගේ අසහනයන් දුරුකිරීමට!

මෙම ගැහැණිය පමණක් නොව ඇය යූටියුබ් මගින් දූෂණය කරන පිරිමි පවා රටේ නීතිය ගැන නොදනිති. පොලිසිය මාධ්‍ය සංදර්ශනයක් පාමින් අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව පමණක් වන මුත්, මෙම යූටියුබ් නාලිකා මහා පරිමාණෙන් රටේ නීති උල්ලංඝනය කර තිබේ. ඔවුන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? ඒවාත් මෙවැනි සංදර්ශන බවට පත් කරාවි ද?

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර නැත. එහෙත්, එය බොහෝ දුරට නිදහස් අන්දමින් රට තුළ සිදු වේ. එය ඇතැම් පිරිමින්ගේ අසහනයන් දුරුකිරීමට මෙන් ම ඇතැම් ගැහැණුන්ගේ දරිද්‍රතාව නැතිකිරීමට ද ඉවහල් වී තිබේ. ඒ ගැන අපි වරදක් නොකියමු. එහෙත්, මස් කන පළියට බෙල්ලේ බැඳගෙන නොකෑ යුතු ය.

තරගකාරිත්වය නිසා බෙල්ලේ බැඳගෙන මස් කන්නා සේ ගණිකා වෘත්තියේ යෙදෙන මෙවැනි ගැහැණු ද, එවැනි ගැහැණුන් විකුණාගෙන කන බෙල්ලේ බැඳගෙන මස් කන්නා සේ මාධ්‍ය කර්තව්‍යයේ යෙදෙන යූටියුබ් චැනල් සහ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා ද කරන්නේ පවත්නා තුලනය බිඳදැමීම සඳහා කටයුතු කිරීමයි. එවැන්නන් නිහඬ කළ යුතු ය.

(praja.lk)

 police

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති Mayura Samarakoon මෙසේ විමසීමක් කර තිබේ.

පොලීසිය භාර ගරු ජනාධිපතිතුමනි, පොලිස්පතිතුමනි.

(1)වැටලීම් උදෙසා යනවිට මාධ්‍යවේදීන් රැගෙන යාමට පොලීසියට ඇති නීතිමය බලය කුමක්ද?

(2)උසාවියකින් වරදකරුවකු වීමට පෙර මාධ්‍ය ඔස්සේ සමාජයට හෙලිදරව් වීමෙන් වැලකීමේ මුක්තියක් ඕනෑම පුද්ගලයකුට නොමැතිද?

(3)තවමත් වරෙන්, පලයං යනුවෙන් ප්‍රාථමික වචන කාන්තාවන්ට ඇමතීම උදෙසා පොලීසියේ නිළධාරීන් භාවිතා කරන්නේ, ඔවුන්ට පුහුණුවේදීම කරනු ලබන අහ්‍යාසයක් නිසාද?

(4)වත්තල ගණිකා නිවාසයක් වැටලීමේදී "අනේ සර් එපා කියමින් එම කාන්තාවන් මුහුණු ආවරනය කර සිටියදීත්,එම රෙදි කැබලි ඇදදමා ඔවුන්ගේ මුහුණු කැමරාවට හසුවනු පිණිස, බලහත්කාරයෙන් නිරාවරණය කරනු ලබන කාන්තා හිංසක නිළධාරියාට විරුද්ධව ඔබ ගනුලබන්නා වූ පියවරයන් කවරේද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...