BREAKING
Top Ad
විදේශ

ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අද

T

The Leader Desk

October 7, 2024 • 6:24 AM

ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අදයි. ඊශ්‍රායල වැසියන් අද එය සිහිපත් කරමින් වීදි බටහ.
  • පසුගිය වසරේ, ඊශ්‍රායලය වෙත, එම හමාස් රොකට් ප්‍රහාරය සිදු වූයේ එදින, එරට වේලාවෙන් උදෑසන 6.29 ටය.
  • එම ප්‍රහාරයෙන්, නිරායුධ ඊශ්‍රායල වැසියන් 1200ක් ඝාතනය වූ අතර, 250 දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත්වූහ.
  •   ප්‍රහාරයේ පළමු සංවත්සරය යෙදෙන අද දින, සමස්ත ඊශ්‍රායලය පුරා ආරක්ෂක හමුදා සහ පොලිසිය සීරුවෙන් තබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් වසරේ ඔක්තෝබර 07 වන දින, නිරායුධ ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර හමාස් සංවිධානය එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග හටගත් දරුණු  ඊශ්‍රායල - පලස්තීන ගැටුම, මේ වන විට, සමස්ත මැද පෙරදිග කලාපයම යුද බියෙන් අලලවමින් දිනෙන් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

පසුගිය වසරේ, ඊශ්‍රායලය වෙත, එම හමාස් රොකට් ප්‍රහාරය සිදු වූයේ එදින, එරට වේලාවෙන් උදෑසන 6.29 ටය. අද එම වේලාවටම දකුණු ඊශ්‍රායලයේ ජෙරුසෙලමේ ජනතාව එය සිහිපත් කරමින් විරෝධතා ව්‍යාපාරයකට එක් වූහ. එම ප්‍රහාරයෙන්, නිරායුධ ඊශ්‍රායල වැසියන් 1200ක් ඝාතනය වූ අතර, 250 දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත්වූහ.

 

ප්‍රහාරයේ පළමු සංවත්සරය යෙදෙන අද දින, සමස්ත ඊශ්‍රායලය පුරා ආරක්ෂක හමුදා සහ පොලිසිය සීරුවෙන් තබා තිබේ. අද දින යම් අනපේක්ෂිත හමාස් ප්‍රහාරයක් සිදු වුවහොත්, ඊට මුහුණ දීමට සියලු සන්නද්ධ අංශ සූදානමින් සිටින බව රජය  කියයි.

ඊශ්‍රායලයෙන් පිටත, ලොව අන් රටවලද අද, මැද පෙරදිග මිනිස් ගැටුමට එරෙහි විරෝධතා සංවිධානය කර ඇති බව රොයිටර්ස් පුවත්  පවසයි. අදින් වසරකට පෙර ඇරඹි ගාසා ගැටුමින්, මේ වනවිට, එහි, 42,000ක ට අධික පිරිසක් මරුමුවට පත්ව, මිලියන 2.3 කට අධික ජනගහනයක් අවතැන්ව සිටී. 

 



ඔක්තෝබර 07 ප්‍රහාරය, ඉතිහාසයේ  සිට අති සූක්ෂ්ම බුද්ධි ක්‍රමෝපයයෙන් සුසැදි සමස්ත ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියම ක්ෂණයකින්, ජාත්‍යන්තර අගතියට පත් අවස්ථාවක් ද වේ. එහි, කීර්තිනාමය යළි ගොඩ නැගීමට, එවක් සිට ඔවුන්, නොතිත් ප්‍රයත්නයක යෙදී සිටින බව පෙනේ. 

''ලෙබනනයට ආ ඉරාන ඛඩ්ස් මිසයිල බලකායේ අණදෙන්නා ආගිය අතක් නෑ''  

 

451419එසමයිල් කානි

මේ අතර, ඉකුත් මස, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය වීමත් සමග, ලෙබනනය බලා පැමිණි, ඉරානයේ ඛඩ්ස් මිසයිල බලකායේ අණ දෙන නිලධාරී, එසමයිල් කානි (Esmail Qaani), ඉකුත් සිකුරාදා සිට, බීරුත් අගනුවර  වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල මිසයිල සහ බෝම්බ ප්‍රහාර හමුවේ, ආගිය අතක් නැතැයි, ඉරාන ආරක්ෂක බලධාරීහු රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කළහ.

එම ප්‍රහාර වලින්, හිස්බුල්ලා සංවිධානයේ වත්මන් ප්‍රධානී හෂෙම් සෆියදීන් ( Hashem Safieddine ) ද ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි. 

එහෙත්, එම තොරතුරේ,සත්‍යාසත්‍යය සොයා, එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට ඊශ්‍රායල හමුදා අවසර නොදෙන බව හිස්බුල්ලා නිලධාරියෙක් රොයිටර්ස් වෙත ප්‍රකාශ කළේය.   

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Israel marks Oct. 7 anniversary under shadow of escalating war


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...