BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ගෝඨාබයගේ පළමු රැලිය 09 දා අනුර'පුර දී: මහින්ද සමග විමලුත් එක්වේ!

T

The Leader Desk

September 27, 2019 • 11:14 AM

ගෝඨාබයගේ පළමු රැලිය 09 දා අනුර'පුර දී: මහින්ද සමග විමලුත් එක්වේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන පළමු ජනරැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ලබන මස 09 වැනිදා පස්වරු 3.00ට පැවැත්වේ.
  • ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුලූ විශාල පිරිසක් මේ සදහා සහභාගිවීමට නියමිතය.
  • එමෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ සහභාගිවන ජනරැලි දෙකක් සෑම දිස්ත්‍රීක්කයකම පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
  • ඊට අමතරව ලබන ලබන මස 01 වැනිදා සිට අවස්ථා තුනකදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන විසින් සංවිධානය කරනු ලබන මෙම රැළියට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ ද සහභාගිවේ.

ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුලූ විශාල පිරිසක් මේ සදහා සහභාගිවීමට නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ සහභාගිවන ජනරැලි දෙකක් සෑම දිස්ත්‍රීක්කයකම පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඊට අමතරව ආසන මට්ටමින් කුඩා ජනරැළි මාලාවක් පැවැත්වීමටද ඔවුන් තීරණය කර තිබේ.

ඊට අමතරව ලබන ලබන මස 01 වැනිදා සිට අවස්ථා තුනකදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.


බැසිල් හැදු ප්‍රතිපත්ති 15 දා කොළඹදී !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන මස 15 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බවද එහි ප්‍රකාශකයකු කීය. මේ වනවිටත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේ අවසන් අදියරට ලගාවී තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ වසර දෙකක් තිස්සේ කරන ලද සමීක්‍ෂණයකින් පසුව හඳුනාගත් ක්‍ෂේත්‍ර 29ක් ආවරණයවන පරිදි විද්වත් මණ්ඩලයක් මගින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කෙරනෙ බව ද හෙතෙම සදහන් කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...