BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

පේලේගේ පවුම් මිලියන 1.1ක් වටිනා මන්දිරය ජරාවාස වෙලා

T

The Leader Desk

July 7, 2024 • 12:19 PM

පේලේගේ පවුම් මිලියන 1.1ක් වටිනා මන්දිරය ජරාවාස වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක පාපන්දුවේ අතිශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය වන බ්‍රසීලයේ පේලේ මිය යාමෙන් පසුව ඔහුගේ පවුම් මිලියන1.1ක් වටිනා වෙරළාසන්න මන්දිරය
  • මුළු ගොඩනැගිලි පද්ධතිය ම විසිරී තිබෙන ඉඩමක ඉදිකර ඇති පේලේගේ නිවහන ගල් තාප්පයකින් වටවී තිබෙන නිසා එය දිස්වන්නේ යුද බලකොටුවක් ලෙස.
  • ඊට පිටුපසින් තිබෙන්නේ පේලේ අමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචිය නතර කර බ්‍රසීලය ට පැමිණ ඔහුගේ පවුල සමග සමීපව ජීවත් වීම පටන් ගත් 1981 වසරේ සිට ඇරඹුනු කතාන්දර.
  • මිතුරන් පැමිණි විට, ඉහළින්ම තිබෙන මාලයේ තිබූ විශාල නැටුම් ශාලාව ඕනෑම හමුවක් විනෝදකාමී සාදයක් බවට පත් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තගාමී කොල්ලකරුවන් විසින් විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් එය ජරාවාස වී තිබෙනවා.

බ්‍රසීල මුහුදු තීරයේ කලක් සුඛෝපභෝගී නිවසක්ව පැවති පේලේගේ මන්දිරය දැන් ආදරවන්තයින් හා පාපන්දුවේ මතක සටහනක් හා පවුම් දහස් ගණනක ණය බරින් යුත් සොහොන් බිමක් බවට පත්ව තිබෙන්නේ ඔහුගේ පවුලේ අයට එය අයිති වීමෙන් පසුව. 

වසර 40කට වැඩි කාලයක් පුරා පේලේගේ ස්වර්ගය වී තිබුනේ Sao Paulo ප්‍රාන්තයේ Guaruja නගරයේ විශේෂිත තට්ටු නිවාස සංකීරණයක තිබෙන ඔහුගේ මේ මන්දිරය යි.

 

12 pe eපේලේ නමැති පාපන්දු රජා
පවුම් මිලියන 1.1කට තක්සේරු කර තිබෙන මේ භූමියේදී පේලේ නමැති පාපන්දු රජා, ලෝකය පුරා ගිය බොහෝ සංචාර අතරතුර ඔහුගේ විශිෂ්ටතම මතකයන් අත්දුටුවා. 

සාගරයෙන් මීටර් පන්සියයක් පමණක් වූ දුරකින් මේ නිවස පිහිටා තිබෙන්නේ බ්‍රසීලයේ වඩාත්ම නම්බුකාර වෙරළක් වන Pernambuco Beach වෙරළේ.

මුළු ගොඩනැගිලි පද්ධතිය ම විසිරී තිබෙන ඉඩමක ඉදිකර ඇති පේලේගේ නිවහන ගල් තාප්පයකින් වටවී තිබෙන නිසා එය දිස්වන්නේ යුද බලකොටුවක් ලෙස. ඊට පිටුපසින් තිබෙන්නේ පේලේ අමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචිය නතර කර බ්‍රසීලය ට පැමිණ ඔහුගේ පවුල සමග සමීපව ජීවත් වීම පටන් ගත් 1981 වසරේ සිට ඇරඹුනු කතාන්දර.

කාමර පෙළක් හා තනි කාමරවලින් යුත් මේ මන්දිරයේ පේලේගේ ගණන් කළ නොහැකි සිහිවටන, සිනමාවක් හා පේලේ ඔහුගේ ම ගීත පටිගත කළ වෘත්තීය ශබ්දාගාරයකට පවා ඉඩ අවකාශ තිබුනා.

මිතුරන් පැමිණි විට, ඉහළින්ම තිබෙන මාලයේ තිබූ විශාල නැටුම් ශාලාව ඕනෑම හමුවක් විනෝදකාමී සාදයක් බවට පත් කළා.

 

pele 2විනෝද වීම සඳහා මේ ‘පාපන්දු රජා’ට නිවසින් පිටව යාමට අවශ්‍ය නොවූයේ නිවසේ පසුපස ගෙවත්තේ ටෙනිස් පිටියක් හා footvolley ක්‍රීඩා පිටියක්, කුඩා පාපන්දු පිටියක්, සෝනාවක් හා විශාල පිහිනුම් තටාකයක් ද තිබූ බැවින්.
විනෝද වීම සඳහා මේ ‘පාපන්දු රජා’ට නිවසින් පිටව යාමට අවශ්‍ය නොවූයේ නිවසේ පසුපස ගෙවත්තේ ටෙනිස් පිටියක් හා footvolley ක්‍රීඩා පිටියක්, කුඩා පාපන්දු පිටියක්, සෝනාවක් හා විශාල පිහිනුම් තටාකයක් ද තිබූ බැවින්.

පේලේගේ පවුලේ අය සැමවිටම ඉතාමත් භක්තිමත් කතෝලිකයන්ව සිටි බැවින් තම මව Celeste ට යාච්ඤා කිරීමට හැකිවන පරිදි  දේවස්ථානයක් ද පේලේ මේ ස්ථානයේ ඉදිකර තිබුනා.

පේලේගේ අවසාන නිවසට පෙර නවාතැන වූයේ මේ මන්දිරය යි. බ්‍රසීල නිළියක හා ගායිකාවක වන Xuxa හා අනෙකුත් ජනප්‍රිය නිරූපිකාවන් සහ ඒ යුගයේ සිටි තවත් නිළියන් සමග පේලේ ආදර සබඳතා පැවැත්වූයේ මේ මන්දිරයේ.

 

Soccer Legend Pele (Photo by ? Alex Gotfryd/CORBIS/Corbis via Getty Images)පේලේ
ඔහුගේ විවාහවලින් කොටසක් සිදුවූයේ ද මේ නිවසේ. ඔහු මේ මන්දිරයට පැමිණියේ Rosemeri Cholbi සමග පළමු විවාහය අවසන් වීමෙන් පසුව වූවද පේලේ ඔහුගේ දෙවැනි බිරිඳ Assiria Nascimento සමග මෙන්ම ඔහුගේ අවසාන සහකාරිය වූ Marcia Aoki සමග ද මෙහි ජීවත් වුනා.

ජනප්‍රිය ගෝලීය කලාකරුවන්, සංගීතඥයින්, ක්‍රීඩකයින් මෙන්ම පැරණි මිතුරන් වූ මාධ්‍යවේදීන් පවා පේලේගේ මේ නිවසට නිතර පැමිණෙන අමුත්තන් වුනා. මේ සියළු දෙනාවම පේලේ සාදරයෙන් පිළිගත්තේ කමිසයක් නැතිව උඩුකය නිරාවරණයක කරගෙන කොට කලිසමක් පමණක් පැළඳ සිටිමින්.

Pernambuco වෙරළේදී පේලේ ට ඔහුගේ ක්‍රීඩා සමාජය වන Santos හි මෙන්ම ජාතික කණ්ඩායමේ ද තමාට තිබූ සුපිරි ක්‍රීඩක තත්ත්වය දොර පාමුල දමා Edson නමැති ඔහුගේ පළමු නාමයෙන් පෙනී සිටිමින් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කිරීමට හැකිවුනා.

කලක් නොමසුරු මන්දිරයක්ව තිබූ මේ ස්ථානය 2022 වසරේ පේලේ මිය යාමෙන් පසුව දැන් අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා. මෙය, පේලේගේ ජීවිතයේ අවසන් වසරවලදී ඔහුගේ ව්‍යාපාර කඩා වැටී ඔහු මූල්‍ය අර්බුදයකට ලක්වීම පිළිබඳ උදාහරණයක්.

 

12 pee aමෙය, පේලේගේ ජීවිතයේ අවසන් වසරවලදී ඔහුගේ ව්‍යාපාර කඩා වැටී ඔහු මූල්‍ය අර්බුදයකට ලක්වීම පිළිබඳ උදාහරණයක්.
මේ මන්දිරය 2017 වසරේ සිට අලෙවියට දමා තිබුන ද එදා පටන් කොල්ලකරුවන් විසින් එහි දේපල සොරකම් කිරීම නිසා එය විකිණීමට තිබෙන අවස්ථාවන් අඩු වී තිබෙනවා. 

දැවැන්ත පිහිනුම් තටාකය සම්පූර්ණයෙන්ම කොල පැහැ ගැන්ව තිබෙන අයුරු සහ ඒ අසල තිබෙන සිරුර සම්බාහනයට ජල විදිනයක් සවි කළ විශාල නාන බේසම හා වතුර ස්ලයිඩය දිරාපත්ව තිබෙන අයුරු ඡායාරූපවලින් දිස්වනවා.

 

pele 3දැවැන්ත පිහිනුම් තටාකය
නාන කාමරවල ජලය නැති අතර කැඩුනු උපකරණ කිහිපයක් හැරෙන්නට ගෘහභාණ්ඩ කිසිවක් එහි නැහැ.

ගෙයින් පිටත, උසට වැඩුනු තණකොල හා පඳුරු මන්දිරය ගිල ගැනීමට පටන් ගෙන තිබෙනවා. නිවසේ සෑම තැනක් ම  දූවිල්ලෙන් හා මකුළු දැලින් පිරී තිබෙනවා.

මේ නිවස අතහැර දැමූ තත්ත්වයක තිබෙන බවක් පේලේගේ පවු‌ලේ අය පිළිගන්නේ නැහැ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පේලේගේ පවුම් මිලියන 1.1ක් වටිනා මන්දිරය ජරාවාස වෙලා | The Leader