ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය, මියන්මාරය ඇතුළු රටවල් 14කට පැනවූ නව තීරු බදු අනුපාත පිළිබඳව මෙසේ නිවේදනය කර ඇත.
ඒ අනුව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට නියමිතයි.
දකුණු අප්‍රිකානු සහ බොස්නියානු භාණ්ඩ සඳහා සියයට 30ක් ද, ඉන්දුනීසියාව සඳහා සියයට 32ක බද්දක් ද අය කෙරේ.
බංග්ලාදේශය සහ සර්බියාව යන රටවල් දෙකට සියයට 35ක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා සියයට 36ක් ලෙසයි තීරු බදු පනවා ඇත.
තවද, ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 40ක බද්දක් අය කිරීමට නියමිතය.
කෙසේවුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.



