BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

සිංහල බෞද්ධ ගොවිගම ප්‍රවෘත්ති විග්‍රහය – 1 (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 14, 2023 • 6:51 PM

සිංහල බෞද්ධ ගොවිගම ප්‍රවෘත්ති විග්‍රහය – 1 (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය කුලය පදනම් කරගත් දේශපාලන විග්‍රහයකි. එසේ නොමැතිව කුලවාදී විග්‍රහයක් නොවේ.
  • එය මේ රටේ ජනගහනයෙන් 50%කට වැඩිය.
  • එය එල්ල වන මෙම මොහොත සිංහල බෞද්ධ ගොවිගම නායකත්වය දැඩි ලෙස දුර්වල වී සිටින මොහොතකි.
  • වසන්ත මුදලිගේගේ වෛවර්ණ ‘නළු’ පෝස්ටරයක් රට පුරා අලවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලනයේ යටිතලයේ පවතින, උඩු තලයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් කරන කුල ප්‍රවණතාව බොහෝ අය හඳුනාගන්නේ නැත.


වර්තමාන ශ්‍රී ලංකාව හොඳ නරක සියල්ල සමගින් මේ විදියට නිර්මාණය කිරීමට නායකත්වය දුන් ප්‍රමුඛ සමාජ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රජාවයි. එය මේ රටේ ජනගහනයෙන් 50%කට වැඩිය. ‘අරගලය’ විග්‍රහ කිරීමේදී මෙම සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයට එරෙහි සකලවිධ ජාති, කුල, ආගම් මෙන්ම පිරිමින්ට එරෙහි ලිංගික සුළුතරයන්ගේ ඒකාබද්ධ සාමූහික ප්‍රහාරයක් දැකිය හැකිය. එය එල්ල වන මෙම මොහොත සිංහල බෞද්ධ ගොවිගම නායකත්වය දැඩි ලෙස දුර්වල වී සිටින මොහොතකි. එසේම, විරුද්ධ බලවේග ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආර්ථික හා වෙනත් ආධාරවලින් ශක්තිමත්ම වී සිටින මොහොත ද මෙයයි.

 

‘අරගලය’ අවසන් වී නැත. එය අලුත් වටයකින් එළිදකිමින් තිබේ. වසන්ත මුදලිගේගේ වෛවර්ණ ‘නළු’ පෝස්ටරයක් රට පුරා අලවා ඇත. විශ්වවිද්‍යාල සිසුන්ට කන්න සල්ලි නැති බව කියැවේ. එහෙත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එකක් රු. 100ක් පමණ වන, මැදපු කඩදාසියේ සමතල මුද්‍රිත වෛවර්ණ පෝස්ටර් දහස් ගණනක් රට පුරා අලවන්නට සල්ලි ඇත.

 

zcxvxzvf


‘අරගලය’ අවසන් වී නැත. එය අලුත් වටයකින් එළිදකිමින් තිබේ. වසන්ත මුදලිගේගේ වෛවර්ණ ‘නළු’ පෝස්ටරයක් රට පුරා අලවා ඇත. විශ්වවිද්‍යාල සිසුන්ට කන්න සල්ලි නැති බව කියැවේ. එහෙත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එකක් රු. 100ක් පමණ වන, මැදපු කඩදාසියේ සමතල මුද්‍රිත වෛවර්ණ පෝස්ටර් දහස් ගණනක් රට පුරා අලවන්නට සල්ලි ඇත.

සජිත් ප්‍රේමදාසට බස් බෙදන්නට සල්ලි තිබේ නම්, ඔහු වෙනුවෙන් අරගලයේ ඊළඟ වටය දියත් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැත. සිංහල බෞද්ධ ගොවිගම විරෝධී පෙරමුණේ නායකයා ඔහුය. වර්තමාන දේශපාලන අරගල සියල්ලෙන් වාසි අත්පත් කරගන්නේ ඔහුය. ඔහු ඊළඟ ජනාධිපති වීමට ඉඩ තිබේ. ඔහු වටා සිටින බලවේගය සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයක් නොවේ.

 

සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදී නාගයන්ට දැන් පහර පිට පහර වදිමින් ඇත. පොල්ල වරද්දා නොගැනීම අරගලවාදීන්ට යහපති. ඔවුන්ගේ නායකයන් වන කුරේලා, ප්‍රේමදාසලා, පීරිස්ලා, සිල්වලා, සෝභිතලා, ගුනරත්නම්ලා, ශානක්‍යන්ලා, ගනේෂන්ලා, මුජිබර්ලා, මරික්කාර්ලා මෙන්ම දේවසිරිලා ද එයට අවධානය යොමුකළ යුතුය.

 

සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදී නාගයන්ට දැන් පහර පිට පහර වදිමින් ඇත. පොල්ල වරද්දා නොගැනීම අරගලවාදීන්ට යහපති. ඔවුන්ගේ නායකයන් වන කුරේලා, ප්‍රේමදාසලා, පීරිස්ලා, සිල්වලා, සෝභිතලා, ගුනරත්නම්ලා, ශානක්‍යන්ලා, ගනේෂන්ලා, මුජිබර්ලා, මරික්කාර්ලා මෙන්ම දේවසිරිලා ද එයට අවධානය යොමුකළ යුතුය.

පසුගිය සතියේ සිදුවීම් කීපයක්.

මුස්ලිම් අන්තවාදීන්ගේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර වළක්වාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් හතරදෙනෙකුට දැඩි දඬුවම්. පාස්කු ප්‍රහාරකයන් සමග සම්බන්ධ අයගෙනුත් බුද්ධි අංශවලට වාග් ප්‍රහාර.

මහින්ද, ගෝඨාභය යන සිංහල බෞද්ධ ගොවිගම නායකයන්ට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරික කැනඩාවෙන් ගමන් සම්බාධක.

ධානිෂ් අලිගේ කඩාපනින හමුදාව ආක්‍රමණයකට තෝරාගත් ස්ථානයේ නම සිංහල සංස්කෘතික ආයතනයයි (සුදර්ශිය)

සිංහල බෞද්ධ බහුතරයකින් සමන්විත ශ්‍රී ලංකා හමුදා කප්පාදුවට සැලසුම්.

භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන ක්‍රිකට් පරිපාලකයන්, ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ, පුහුණුකරු රුවන් කල්පගේ, විනිසුරු ලින්ඩන් හැනිබල් යන නම් බෝන් අගේන් අනුගාමිකයන් බව ඒ පිළිබඳ සොයොබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

සේපාල් අමරසිංහගේ ආදායම් සම්බන්ධ ඇත්ත ගණන් මොනවාද? ඒවා ඇත්තටම ලැබුණේ යූටියුබ් වෙතින්ද? සේපාල්ගේ නිවුන් සොහොයුරා වැනි වන පිස්සු ලාල් යයි දීප්ති හඳුන්වන අනෙක් අරගල යූටියුබ්කරුවා පානදුරේ නගර මධ්‍යයෙන් මිල අධික ඉඩම් මිලදීගත් බවට පැතිරෙන කටකතා ඇත්තද?

මෙන්න වැදගත්ම පුවත: හොඳ නරක සියල්ල සමගින් වර්තමාන ශ්‍රී ලංකාව මේ විදියට නිර්මාණය කිරීමට නායකත්වය දුන් සිංහල බෞද්ධ ගොවිගමයන්ගේ විප්ලවය වන 1948 නිදහසේ 75වන සංවත්සරය 2023දී සැමරීමට උත්සව පැවැත්වීමට පවා අවස්ථාව නොලැබෙන ලකුණු.


අපට මොකද අපි දසසිල් උපාසක
ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට


මේ නයාට ගහන අවධියයි. නයා කොයිල් වී ඇත. තාම නයාගේ හිසට වැදී නැත. නයා මොනවා කරයිද?



සිංහල බෞද්ධ ගොවිගම ජනාධිපති රනිල් රාජපක්ෂ දෙමළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් දීමට දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ ඔස්සේ ඩයස්පෝරා හා මානව හිමිකම් බලපෑම තුලනය කරගැනීම ඔහුගේ මූලෝපායයි. සිංහල බෞද්ධ ගොවිගම විරෝධී අරගලයේ සාධනීය ප්‍රතිඵලය එයයි. රට ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට මිස බහුතර ප්‍රජාවක් විනාශ කිරීමට දේශපාලනය කිරීම අවදානම් සහගතය.



Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...