BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමෙරිකාවේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි

T

The Leader Desk

November 9, 2025 • 4:20 AM

ඇමෙරිකාවේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි.
  • අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇනහිට තිබේ.
  • ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇනහිට තිබේ.

ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී තිබුණි.

 

US air
එමෙන්ම මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති වූ අතර සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇති බවද වාර්තා විය.

මේ තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයයේ ගුවන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති අතර මේ වන විට එරට කාර්යබහුලම ගුවන් තොටුපළවල් 40ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මෙම සතිය මුලදී නිවේදනය කර තිබුණි.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වාර්තා කර ඇත්තේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කාර්ය මණ්ඩල ගැටලු, ගුවන් තොටුපොළ කුලුනු 37කට සහ අනෙකුත් මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය බලපා ඇති බවත් අවම වශයෙන් එක්සත් ජනපද නගර 12ක ගුවන් ගමන් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවත්ය.

ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

| aruna

මුලාශ්‍රය :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෙරිකාවේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි | The Leader