මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට රෝහල්ගත කොට ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5804 දෙනෙක් වන අතර සුවය ලබා ඇති පිරිස 4282ක් වේ.
කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ විශාල ජනහගනයක් සහිත කොළඹ නාගරික ප්‍රදේශයේ පවතින ජීවන රටාව එවැනි අවදානමකට හේතු වී ඇති බවය.
එබැවින් දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කරන ලෙස ඔහු කොළඹ නගර සභා සීමාවේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.
"තවමත් පාලන මට්ටමක, හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න"
"පුළුවන් තරම් නිවෙස්වල රැඳී සිටින්න උත්සාහ කරන්න. පිටතට යෑම අවම කරන්න, අත්‍යවශ්‍යම දෙයකට පිටතට යන අවස්ථාවක මීටරයක දුර තබා ගන්න, මුව ආවරණ (මාස්ක්) පළඳින්න, සනීපාරක්ෂක ජෙල් හෝ සබන් යොදා දෑත් සෝදා පිරිසිදුව තබා ගන්න,"
රට තුළකෝවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කළ ද වෛරසය තවමත් පාලන මට්ටමක පවතින බව කී විශේෂඥ වෛද්‍යවරයා දැනට වාර්තා වී ඇති රෝගීන් අතර අන්තර් සම්බන්ධයක් දැකිය හැකි බව සඳහන් කළේය.
"පුළුවන් තරම් නිවෙස්වල රැඳී සිටින්න උත්සාහ කරන්න. පිටතට යෑම අවම කරන්න, අත්‍යවශ්‍යම දෙයකට පිටතට යන අවස්ථාවක මීටරයක දුර තබා ගන්න, මුව ආවරණ (මාස්ක්) පළඳින්න, සනීපාරක්ෂක ජෙල් හෝ සබන් යොදා දෑත් සෝදා පිරිසිදුව තබා ගන්න,"

"මේ පියවර අනුගමනය කරනවා නම් අපට පහසුවෙන් රෝගය පාලනය කළ හැකියි," යනුවෙන් විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.
රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්:
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කෝවිඩ් රෝගීන් වාර්තා වී ඇති බැවින් නිවෙස්වල රැඳී සිටීම තුළ ඔවුන් හරහා වෛරසය පැතිර යාම පාලනය කර ගත හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වන විට, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව තහවුරු වූ රෝගීන් රෝහල්වලින් පිටත රඳවා තැබීමට පියවර ගෙන ඇති බව විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.
"මීට පෙර, පොසිටිව් කියල හඳුනා ගත් සියලු දෙනා රෝහල්වලට ඇතුළත් කරන එක අපි කළේ. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට රෝහල් ඇඳක් අවශ්‍ය නැහැ. රෝහල් නොවන නේවාසික මධ්‍යස්ථානවල එවැනි රෝගීන් රඳවා තබන්න අලුතින් පියවර ගෙන තිබෙනවා."
(මුලාශ්‍රය - BBC සිංහල සේවය)



