BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

රට වැසීම දීර්ඝ නොකළොත් ජීවිත 10,000ක් අහිමිවේ !

T

The Leader Desk

August 28, 2021 • 9:05 AM

රට වැසීම දීර්ඝ නොකළොත් ජීවිත 10,000ක් අහිමිවේ !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන
  •   ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.
  •   දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
  •   ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.
 
ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.
 
දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
 
 
අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.
 
එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.
 
මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.
 
වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.
 
දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.
 
වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.
 
එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.
 
(lankadeepa.lk)
 
THELEADER TV
 
ලංකාව ඇතුළෙ වට්ස් ඇප් භීතියක්!
 

  

ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !

  70

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...