BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් එයි : සිනෝවැක් කතා යට ගසයි !

T

The Leader Desk

July 4, 2021 • 4:45 AM

 සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් එයි : සිනෝවැක් කතා යට ගසයි !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
  •   සිනොෆාම් එන්නතක් ශ්‍රී ලංකාවට ඩොලර් 15ට ලබා දෙද්දී එම එන්නතම බංග්ලාදේශයට ඩොලර් 10ට ලබාදීම ගැන මිට ඉහත දී මාධ්‍ය වාර්තා කර තිබුණි.
  •       ආණ්ඩුව ඇතුළෙන්ම පැමිණිලි :     මේ අතර සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය මේවනවිට අඩපනවී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
  •   එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් සාම ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
 
මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි.
 
සිනොෆාම් එන්නතක් ශ්‍රී ලංකාවට ඩොලර් 15ට ලබා දෙද්දී එම එන්නතම බංග්ලාදේශයට ඩොලර් 10ට ලබාදීම ගැන මිට ඉහත දී මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
 
 
ආණ්ඩුව ඇතුළෙන්ම පැමිණිලි :
 
 
මේ අතර සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය මේවනවිට අඩපනවී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
 මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කලද ඒ සම්බන්ධයෙන් එම චීන සමගම ඉදිරිපත්කර තිබු කොන්දේසි හා ඉහල මිල ගණන් හා එම එන්නතේ ගුණාත්මක බව අවමවීම සැලකිල්ලට ගනිමින් එකී නිෂ්පාදන කටයුතු සඳහා අනුමැතිය නොදීමට බලධාරීන් නියෝගකර ඇතැයි පැවසේ.
 
එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් සාම ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබිණ.
 
චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Kelun Lifesciences Pvt Ltd චීන සමගම අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර ඇත. ඒ අනුව එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම ගිවිසුම අවසන් කිරීමට හේතුවනු ඇත.
 
කෙසේවුවද මෙම එන්නත් ජාවාරම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණි පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) බලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත්කර කර ඇතැයි ද වාර්තාවේ.
 
ඒ අනුව, සිනෝවැක් එන්නත ගෙන්වීමේ හා චීනයේ නිපදවන එම එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි Kelun Lifesciences කර්මාන්ත ශාලාවේ දී පිරවීම හා ඇසිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
 
එසේම, තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක ණයවර ලිපි විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
 
 
 
 
සබැඳි පුවත් 
 
 
 
##########
THE LEADER TV 
විමල් රෙස්ට් කරද්දී ශ්‍රිලනිපයෙන් දිගට හරහට බැසිල්ට ටොකු! 
 

මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...