BREAKING
Top Ad
පුවත්

දෙමළ මළ'වුන් සැමරූ 10ක් පොලිස් පමාවෙන් දිගටම රිමාන්ඩ්

T

The Leader Desk

July 28, 2021 • 4:48 AM

දෙමළ මළ'වුන් සැමරූ 10ක් පොලිස් පමාවෙන් දිගටම රිමාන්ඩ්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස දෙකකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු සම්බන්ධ පරීක්ෂණ වාර්තා පොලිසිය විසින් ලබා නොදීම නිසා ඔවුන් තවත් සති දෙකක් රිමාන්ඩ්
  •   දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
  •   තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවට පොලිසිය කළ ඉල්ලීමට ඉඩ දෙමින් වාලච්චේන වැඩ බලන මහේස්ත්‍රාත් සැකකරුවන් අගෝස්තු 09 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.
  •   රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් ජුලි 27 අගහරුවාදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):
භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.
 
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
 
 
 
 
රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය විසින් වැඩි දුර විස්තර වාර්තාවක් පොලීසියෙන් ඉල්ලා තිබු අතර පසුගිය නඩු වාර තුනේදී මෙන්ම ඊයේ දිනයේත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
රිමාන්ඩ් භාරයේ පසුවන දෙමළ ජාතිකයන් දසදෙනා සම්බන්ධයෙන් පුද්ගලික විස්තර වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කිරීමට පසුගිය නඩු වාරයකදී නීතිඥයන් විසින් සිදු කළ ඉල්ලීම විනිසුරු එම්.එච්.එම් ෆසීල් විසින්  පිළිගෙන තිබුනත් ඊයේ ඔහු දැනුම් දී ඇත්තේ එය පොලීසියේ වාර්තාව ලබා දීමෙන් පසු ලබා දෙන ලෙසයි.
 
තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවට පොලිසිය කළ ඉල්ලීමට ඉඩ දෙමින් වාලච්චේන වැඩ බලන මහේස්ත්‍රාත් සැකකරුවන් අගෝස්තු 09 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.
 
රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් ජුලි 27 අගහරුවාදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
 
 
Malawun smarima 2021.06.17
 
 
නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.
 
අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.
 
අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

THE LEADER TV 

 

 
මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !

  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...