BREAKING
Top Ad
පුවත්

මළවුන්ගේ සමරු පැවැත්වූ 10ක් මාස 5ක් තිස්සේ දිගටම රිමාන්ඩ්

T

The Leader

November 22, 2021 • 10:15 AM

මළවුන්ගේ සමරු පැවැත්වූ 10ක් මාස 5ක් තිස්සේ දිගටම රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසාවි නියෝග හා බිය වැද්දීම් මගින් රාජපක්‍ෂ ආණ්ඩුව දෙමළ මහවිරු සැමරුම කඩාකප්පල් කිරීමට
  •  දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
  •  රටේ පවතින වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නැති බැවින් සැකකරුවන් නොවැම්බර් 22 සදුදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
  •  වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 6 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවිධානාත්මක ලෙස කටයුතු කරන බවට උතුරු නැගෙනහිරින් කරුණු හෙළි වෙද්දී, යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා හය මසකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.

 දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.

 රටේ පවතින වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නැති බැවින් සැකකරුවන් නොවැම්බර් 22 සදුදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.

 වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 6 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

 නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.

 අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.

 අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.

 අත්අඩංගුවේ පසුවන අයගේ පවුල් වල ඥාතීන් අද අධිකරණ භුමියට පැමිණ සිටි බව පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් සදහන් කරයි.

4564645645



මහවිරු සතිය :

යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීම සදහා ආණ්ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට තොරතුරු දිගටම වාර්තා වෙමින් පවතී.

 යුද වැදී ඇද වැටුණු සිය ස්නේහවන්තයන් අනුස්මරණය කිරීමට සුදානම් වු උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන හා බිම් මට්ටමේ නායකයන්ට එරෙහිව පොලිසිය විසින් මේ වනවිට ලබාගෙන තිබෙන අධිකරණ තහනම් නියෝග ගණන සියය ඉක්මවා ඇති බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

 සටන්  වැදී මියගිය තම නෑසිය හිතවතුන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් සමරනු ලබන දෙමළ මහවිරු සතිය නොවැම්බර් 21 සිට 27 දක්වා යෙදී තිබේ.

 
 

 

 

 


 

THE  LEADER  TV
 
 
කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන!
 


හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...