BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි ! ; 'බැරලයකට ඩොලර් 200 කට සූදානම් වන්න'- ඉරානය ලෝකයට අනතුරු අඟවයි !!

T

The Leader Desk

March 12, 2026 • 9:11 AM

ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි ! ; 'බැරලයකට ඩොලර් 200 කට සූදානම් වන්න'- ඉරානය ලෝකයට අනතුරු අඟවයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළ‍ෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
  • ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400 ක වාර්තාගත සංචිතයක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ ඒකමතිකව එකඟ වී තිබියදීත් මෙම මිල ඉහළ යාම සිදුව තිබේ.
  • බදාදා දින අවසානයේ ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 8.7% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාවේ පැවතුණි.
  • එමෙන්ම අමෙරිකානු තෙල් මිල දර්ශකය වන WTI මිලද 8.7% කින් ඉහළ ගොස් ඩොලර් 94.8 ක් ලෙස වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400 ක වාර්තාගත සංචිතයක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ ඒකමතිකව එකඟ වී තිබියදීත් මෙම මිල ඉහළ යාම සිදුව තිබේ.

බදාදා දින අවසානයේ ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 8.7% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාවේ පැවතුණි.

එමෙන්ම අමෙරිකානු තෙල් මිල දර්ශකය වන WTI මිලද 8.7% කින් ඉහළ ගොස් ඩොලර් 94.8 ක් ලෙස වාර්තා විය.

බැරලයකට ඩොලර් 200 කට තෙල් සඳහා සූදානම් වන්නැයි ඉරානය පවසයි

 

ship

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරාන හමුදා බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඊයේ (11) දිනයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තවත් නෞකා තුනක් ප්‍රහාරයට ලක්වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

පෙන්ටගනය විසින් "වඩාත්ම තීව්‍ර අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර" ලෙස හඳුන්වනු ලැබූ ප්‍රහාර මාලාවකට මුහුණ දෙමින් සිටියද, තමන්ට තවදුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවත් බලශක්ති සැපයුම අඩාල කළ හැකි බවත් ඉරානය ප්‍රදර්ශනය කර තිබේ.

ඒ අනුව ඊයේ (11) දිනයේදී ඉරානය විසින් ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග පුරා විහිදුණු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණ.

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් (1/5) ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට අවහිර වී ඇති අතර, මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු ලොව මුහුණ දෙන දරුණුතම බලශක්ති සැපයුම් බාධාව ලෙස විදේශ වාර්තා පෙන්වා දෙයි.

Iran Oil 1024x682

 

ඉරාන හමුදා විධානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆකාරි (Ebrahim Zolfaqari) අමෙරිකාව අමතමින් ප්‍රකාශ කළේ, "තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යාමට සූදානම් වන්න. මන්ද තෙල් මිල තීරණය වන්නේ ඔබ විසින් අස්ථාවර කර ඇති කලාපීය ආරක්ෂාව මතයි," යනුවෙනි.

ටෙහෙරාන් නුවර බැංකු කාර්යාලයකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන බැංකු වෙත ඉරානය ප්‍රහාර එල්ල කරන බවට ද ඔහු අනතුරු ඇඟවීය.

මේ හේතුවෙන් මැදපෙරදිග වෙසෙන ජනතාව එවැනි බැංකු පද්ධතිවලින් අවම වශයෙන් මීටර් 1,000ක් දුරින් සිටිය යුතු බවට ද ඉරාන හමුදා ප්‍රකාශකයා උපදෙස් දී තිබෙන බව වාර්තා වේ.

පවතින උණුසුම් තත්ත්වය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය අවසන් කිරීමට කඩිනම් විසඳුමක් සොයාගනු ඇතැයි යන බලාපොරොත්තුව මත කොටස් වෙළඳපොළ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


මුලාශ්‍ර :

Get ready for $200 a barrel: Iran warns the world as oil on the boil

Prepare for oil at $200 a barrel, Iran says


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...