BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සරත්ට කළ නොහැකි වූ දේ ටිරාන් දින 100 න් කර පෙන්වයි!

T

The Leader Desk

August 28, 2022 • 12:41 PM

 සරත්ට කළ නොහැකි වූ දේ ටිරාන් දින 100 න් කර පෙන්වයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැරුණකොට මේවනවිට අරගලයේ නියුතු විරෝධතාකරුවන්ගේ වැඩිම විරෝධයට එල්ලවී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත බව සමාජ මාධ්‍ය
  • විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ස්වාධින පක්ෂ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ටිරාන් අලස්ව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.
  • ඒ, පසුගිය මැයි මස 20 වෙනිදා ය.
  • එසේ ඔහු පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී අද (28) දිනට හරියටම දින 100කි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරික්ෂයෙදී පැහැදිලිවේ.

අරගල භූමියෙන් විරෝධතාකරුවන් පන්නා දැමීම සිට විරෝධතාවයේ නිරත හඹා යමින් පොලිසිය විසින් සිදුකරනු ලබන දැවැන්ත මෙහෙයුම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි හෙයින්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයින් ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබේ.



එසේම, ඔහු විසින් පාතාලය මර්ධනය කිරීමට පොලිසිය වෙත ලබාදී ඇති ඇතැම් නියෝග අතිශයින් බරපතල බව මානව හිමිකම් ක්‍රියාකාරීන් දැන්තියාම ප්‍රකාශයට පත්කර ඇත.



WhatsApp Image 2022 08 28 at 4.40.53 PMවිමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ස්වාධින පක්ෂ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ටිරාන් අලස්ව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ, පසුගිය මැයි මස 20 වෙනිදා ය. එසේ ඔහු පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී අද (28) දිනට හරියටම දින 100කි.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුවද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කරනු ලැබුවේ ටිරාන් අලස්වයි.


පසුගිය දිනවල සිදුවූ පොලිස් මැදිහත්වීම් සම්බන්ධයෙන් කොතරම් විවේචන එල්ල වුවද විෂයබාර අමාත්‍යවරයා ලෙස ඔහු මෙතෙක් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෝ මාධ්‍ය ඔස්සේ හෝ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති වීම විශේෂ කාරණයකි.

පසුගියදා ඒ සම්බන්ධයෙන් පොලිසිය බාර හිටපු අමාත්‍යවරයකු සිය පාර්ලිමේන්තු සගයින්ට පවසා තිබුනේ ''මම කතාකරන්න ගිහින් ඇන ගත්තා... ඔන්න ටිරාන් කිසිම කතාවක් නැතුව වැඩේ දීගෙන යනවා'' කියයි.

ටිරාන් අලස් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස පසුගිය මාස කිහිපයේ කුමක් කර තිබේදැයි අප කල විමසීමකදී ඔහුගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩල මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිවරයා ප්‍රතිචාර දැක්වුයේ, ''දින 100ක වැඩ මෙන්නැයි'' පවසමින් ඊ තැපෑල හරහා දීර්ග සටහනක් යොමුකරමිනි.

එම සටහනේ පළවූ කරුණු සංක්ෂිප්තව පහත පළකර ඇත.     WhatsApp Image 2022 08 28 at 5.47.56 PM


පොලිසියේ ගෙවුනු දින 100


01- පොලීසියේ අණ හා බලය යලි පිහිටුවීම:



පසුගිය කාලයේදී සිදුවූ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමි ව තිබූ පොලිසියේ බලය හා අණට කීකරුවීම යලි ස්ථාපිත කිරීමට පොලිසියේ මානසික මට්ටම ආත්මවිශ්වාසය ඔසවා තැබීම, අවශය පහසුකම් සැලසීම, වගවීම හා වගකීම තහවුරු කිරීම.


02 - පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව (බටා) වැඩි කිරීම.

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කටයුතු කිරීම.



03- පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.


පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කල කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

පොලිස්පති ප්‍රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී ප්‍රවීනජනාධිපති නීතිඥ මඩුල්ලක සහාය වුවද ලබාගත හැකිය.



04- සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට වාහන පහසුකම්


සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කරනු ලැබිය.

 තවද වසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.



05 - පොලිස් රෝහලේ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කිරිම.



අමාත්‍යවරයා, වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කළේය.


06-  දේශපාලන නිර්දේශය මත පොලිස් ස්තානාධිපතිවරුන් පත්කිරීම වෙනුවට නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයකට ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම.



මෙහිදී ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් සැපිරූ නිලධාරීන්ගේ අයදුම්පත් කැඳවීම් කොට සම්මුඛ පරීක්ෂණ පවත්වා දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් පාරදෘශ්‍ය ක්‍රමවේදයකින් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට කටයුතු යොදා ඇත.


07-  පොලිස් ස්ථාන නවීකරණය කිරීම.



මෙහිදී දිවයිනපුරා පිහිටා ඇති සෑම පොලිස් කොට්ටාශයකින්ම එක පොලිස් ස්ථානයක් තෝරාගෙන නවීකරණය කිරීම.

මේ අනුව පලමු අදියරෙදී පොලිස් කොට්ටාශ 45 න් පොලිස් ස්ථාන 45 ක් තෝරාගෙන නවීකරණය කිරීම.


08- නව පොලිස් වෙබ් අඩවියක් හඳුන්වාදීම.


මෙහිදී යල්පැන ගිය පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් නවීකරණය කර ළඟදීම එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

එම වෙබ් අඩවිය පොලිස් දිනය යෙදෙන සැප්තැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිතය.


09-පොලිස් මාධ්‍ය ඒකකය හා තොරතුරු හා පරිගණක ඒකක සවිබල නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා මැදිහත් වීම.

10. පොලිස් කාන්තාවන් සවිබල ගැන්වීම.

11. පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් දියත් කිරීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දීම.


12  - දරුවන් හා කාන්තාවන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ව පීඩාවට පත්ව ඇති අවස්ථාවලදී ඔවුන්ගේ අනන්‍යතාවය (නම් - ගම් , ඡායාරූප හෝ වීඩියෝ ප්‍රසිද්ධ නොකරන ලෙස) ආරක්ෂාකරන ලෙස පොලිසියට උපදෙස් දීම.


මෙහිදී චූදිතයන්ට දඬුවම් ලැබුනද සමාජය හමුවේ වින්දිතයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමත් ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගොඩ නගාගැනීමටත් මහත් පිටුවහලක් වීම මෙහි මූලික අරමුණයි. 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...