BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සන්ධ්‍යා ලෝකයේ අග්‍රගන්‍ය කාන්තාවන් 100 අතරට

T

The Leader Desk

December 7, 2022 • 4:40 PM

සන්ධ්‍යා ලෝකයේ අග්‍රගන්‍ය කාන්තාවන් 100 අතරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 වසර සඳහා ද ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ නම් ලැයිස්තුව
  • 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් ජනවාරි 24 දින ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ දිනයේ සිට මේ මොහොත දක්වා සන්ධ්‍යා යුක්තිය ඉල්ලා සටන් කරමින් සිටින්නී ය.
  • ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් විය.
  • ඔහු රජයේ ප්‍රබල විවේචකයෙකු වූ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී දෙමළ ජනයාට සිදු වූ බව කියන අපයෝජනයන් විමර්ශනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

BBC විසින් ඊයේ (06) ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුලත්ව තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ, රාජපක්ෂ රෙජීමය විසින් අතුරුදහන් කරන ලද ලංකා ඊ නිව්ස් හි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ ප්‍රිය බිරිඳ යි.

2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් ජනවාරි 24 දින ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ දිනයේ සිට මේ මොහොත දක්වා සන්ධ්‍යා යුක්තිය ඉල්ලා සටන් කරමින් සිටින්නී ය. ඇය වෙනුවෙන් බීබීසීය තැබූ සටහන මෙසේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ - ශ්‍රී ලංකාව

මානව හිමිකම් ක්‍රියාකාරිනියකි

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරයි. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් විය. ඔහු රජයේ ප්‍රබල විවේචකයෙකු වූ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී දෙමළ ජනයාට සිදු වූ බව කියන අපයෝජනයන් විමර්ශනය කළේය.

ඔහු අතුරුදන් වූ දා සිට මේ දෙදරු මව යුක්තිය ඉල්ලා සිටින්නී ය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් තම සැමියා පැහැර ගැනීමට වගකිව යුතු බවට ඇය චෝදනා කරයි. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියල්ලන්ම නිදොස් කොට නිදහස් කර ඇත.

-(බීබීසී)

zzzzwer


සන්ධ්‍යාගේ ප්‍රකාශයක් ද එහි ඇතුලත් ය. ඒ මෙසේය.

"මම සෑම අවස්ථාවකදීම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ, කැපවීමෙන් හා කැපවීමෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක් වෙමි" -සන්ධ්‍යා එක්නැලිගොඩ

මිට පෙර 'ලෝකයේ දිරිය කාන්තාව' ලෙස ඇමරිකාවවෙන් ද සන්ධ්‍යා එක්නැලිගොඩ පිදුම් ලැබූ අතර එකී මැඩලය ඇයට පැලැන්දුවේ ඇමරිකානු ජනාධිපති ආර්යාව විසිනි.  

බීබීසීය නම් කරන ලද කාන්තාවන් සියය අතර ගෝලීය සංගීතවේදීනියක් වන Billie Eilish, යුක්රේනයේ ජනාධිපති ආර්යාව Olena Zelenska, නිළියන් වන Priyanka Chopra Jonas සහ Selma Blair,  ඉරාන කඳු නගින්නියක් වන Elnaz Rekabi, වාර්තා තැබූ තුන් පිම්ම මලල ක්‍රීඩිකාවක් වන Yulimar Rojas, ඝානාවේ කතුවරියක් වන Nana Darkoa Sekyiamah ආදීහු වෙති.


වැඩිම කාන්තාවන් ඉරාන කාන්තාවන් ය

බීබීසී ය මෙම කාන්තා 100 කණ්ඩායම රැස් කරගෙන ඇත්තේ බීබීසීයේ ලෝක භාෂා සේවයේ ජාලය මෙන්ම BBC Media Action විසින් යෝජනා කරන ලද නම් මත පදනම්ව කෙටි ලැයිස්තුවක් සකස් කිරීමෙන් පසු, පසුගිය මාස 12 තුළ සිරස්තල සෑදූ හෝ වැදගත් කථාවලට බලපෑම් කළ අපේක්ෂකයින් මෙන්ම කීමට ප්‍රබෝධමත් කථා ඇති, හෝ වැදගත් යමක් අත්කර ගත් හෝ ප්‍රවෘත්ති ලෙස නොවූවත් ඔවුන්ගෙන් සමාජයට බලපෑම් කළ කාන්තාවන්ගෙන් බව බීබීසීය සඳහන් කරයි.

(ලංකා ඊ නිව්ස්)


BBC reveals 100 Women 2002 list including Sandya Eknaligoda

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සන්ධ්‍යා ලෝකයේ අග්‍රගන්‍ය කාන්තාවන් 100 අතරට | The Leader