BREAKING
Top Ad
පුවත්

ක්‍රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක් - නාමල් රාජපක්ෂ

T

The Leader

November 12, 2023 • 9:57 AM

ක්‍රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක් - නාමල් රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන අධිකාරිය හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය
  • ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතුබවත්, එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.
  • තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී  පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බව පැවසු මන්ත්‍රීවරයා, එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් සඳහන් කළේය.
  • විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බව ද ඔහු අවධාරණය කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (12) පැවසීය.


ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතුබවත්, එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.


තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී  පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බව පැවසු මන්ත්‍රීවරයා, එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් සඳහන් කළේය.

විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බව ද ඔහු අවධාරණය කලේය.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකල යුතු බවත් ප්‍රශ්න තිබෙනවානම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් නැතිනම් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු පරිපාලනය හා දේශපාලඥයන් අතර ගැටුම් ඇතිවූ බවත් එමගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් පැවසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් වෙන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් සඳහන් කළේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...