BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

දිනකට 1000ක් නොදෙන හාම්පුතුන් නිසා වතුකරය ඇවිලේ

T

The Leader Desk

December 14, 2021 • 11:18 AM

දිනකට 1000ක් නොදෙන හාම්පුතුන් නිසා වතුකරය ඇවිලේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන ගිය අරගලයෙන් පසු වැටුප් නිරාකරණය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ
  • ඩයගම, තලවකැලේ, කොටගල සහ ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ ලිඳුල නගරයට ඊයේ [12]  රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.
  • වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර 2016 වසරේදී අවසන් වරට සාමුහික ගිවිසුමකට එළඹුණු අතර, රුපියල් 1000 දිනෙක වැටුප ලබා දිය නොහැකි බව පවසා වතු සමාගම් විසින් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමග එය අහෝසි වී තිබේ.
  •  කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම්, අනෙකුත් දීමනා සහ සෙසු සුභසාධන සේවා ගැන දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණීමෙන් පසු වසර දෙකක කාලයකට  සාමුහික ගිවිසුම අත්සන් තැබෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වතු සමාගම් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි විය.

ඩයගම, තලවකැලේ, කොටගල සහ ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ ලිඳුල නගරයට ඊයේ [12]  රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.

වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර 2016 වසරේදී අවසන් වරට සාමුහික ගිවිසුමකට එළඹුණු අතර, රුපියල් 1000 දිනෙක වැටුප ලබා දිය නොහැකි බව පවසා වතු සමාගම් විසින් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමග එය අහෝසි වී තිබේ.

 කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම්, අනෙකුත් දීමනා සහ සෙසු සුභසාධන සේවා ගැන දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණීමෙන් පසු වසර දෙකක කාලයකට  සාමුහික ගිවිසුම අත්සන් තැබෙනු ඇත.

 

නිෂ්පාදන වියදම ඉහල යාමත්, ජාත්‍යන්තර තේ වෙළඳ පොලේ මිල පහත වැටීමත් හේතුවෙන් කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් 1000 ක් ලබා දිය නොහැකි බවයි වතු සමාගම් පවසන්නේ. එහෙත් වැවිලි කර්මාන්ත අමාත්‍ය රොමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී කියා සිටියේ  කොරෝනා වසංගතය පැවතියද තේ  අපනයන ආදායම ස්ථාවරව පැවති බවය.

 

අභියාචනාධිකරණයේ ගොනු කර ඇති වැටුප් නඩුව ලබන පෙබරවාරියේදී යළි කැඳවීමට නියමිතය.

වතු කම්කරුවන් වෙනුවෙන් සාමුහික ගිවිසුම්වලට අත්සන් තබන වතු හාම්පුතුන් පිළිගත් වෘත්තීය සමිතියක් වන,  ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායිකා අනුෂියා අන්නමලේ  සිවරාජාගේ නායකත්වයෙන්  නව සාමුහික ගිවිසුමක් ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පාලක රාජපක්‍ෂ සභාග ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන මෙම  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ද මීට එක්වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

                               lin111


Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...