BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදා භටයින් 10000ක් පුහුණුවට යවලා

T

The Leader Desk

October 29, 2024 • 11:00 AM

රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදා භටයින් 10000ක් පුහුණුවට යවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොං හුයි ( Choe Son Hui) අද රුසියාවේ සංචාරයක නිරත වේ.
  • යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට, උතුරු කොරියානු හමුදා එක්ව ඇති බවට යුක්‍රේනය සහ දකුණු කොරියාව චෝදනා කරති.
  • එම චෝදනා උත්සන්න ව ඇති අවස්ථාවක, විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස කුමක් අරභයා රුසියානු සංචාරයේ නිරත වන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
  •   උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොං හුයි ( Choe Son Hui) ඉකුත් ජුනි මස පැවති සමුළුවකදී එළැඹි, ද්වීපාර්ශ්වීය සහයෝගිතා තර කිරීම පිණිස, මෙම සංචාරය සිදු කෙරෙන බව පමණක්  ප්‍රකාශයට පත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එය සති හයක් තුළ ඇය විසින් සිදු කෙරෙන දෙවන රුසියානු සංචාරයයි.

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට, උතුරු කොරියානු හමුදා එක්ව ඇති බවට යුක්‍රේනය සහ දකුණු කොරියාව චෝදනා කරති.

එම චෝදනා උත්සන්න ව ඇති අවස්ථාවක, විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස කුමක් අරභයා රුසියානු සංචාරයේ නිරත වන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

ministerඋතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොං හුයි ( Choe Son Hui)

ඉකුත් ජුනි මස පැවති සමුළුවකදී එළැඹි, ද්වීපාර්ශ්වීය සහයෝගිතා තර කිරීම පිණිස, මෙම සංචාරය සිදු කෙරෙන බව පමණක්  ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියාව සහ උතුරු කොරියාව අතර මෙම "නීති විරෝධී" හමුදා ගනුදෙනු ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි දැඩි අවදානමක් එල්ල කරන බව දකුණු කොරියානු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) කැබිනට් රස්වීමකදී  පැවසීය.

එම අනතුර මනාව කළමනාකරණය පිණිස සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය බව ඔහු එහිදී අවධාරණය කළේය.

 

යුක්‍රේනයට එරෙහි රුසියානු සටනේදී, උතුරු කොරියා හමුදා රුසියාවට සහාය පිණිස යුක්‍රේනයට ඒවා ඇතැයි, ඇමෙරිකාව සහ යුක්‍රේනය සහතික කොට කියා සිටිති.

 
6366
එහිදී, උතුරු කොරියා හමුදාවන්ට එරෙහිව යුක්‍රේන හමුදා, ඇමෙරිකාවේ අවි භාවිතා කිරීම ට විරුද්ධත්වයක් නොමැති බව පෙන්ටගනය ඊයේ (28) පැවසීය.

යුද පුහුණුව පිණිස උතුරු කොරියා හමුදා භටයින් 10,000ක් පෙරදිග රුසියාවට යවා ඇතැයි පෙන්ටගනය ප්‍රකාශ කරයි.

(The Guardian ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...