මෙයට අමතරව Tranexemic Acid සහ Midazolam වැනි ඖෂධ ආනයනය කිරීමේ දී ද ප්‍රශ්න ගත ගනුදෙනු සිදුව ඇති බව පෙන්වා දෙන විගණන වාර්තාව, ඖෂධ සංස්ථාවේ දැනට භාවිතකරන සිසිලන පද්ධතිය පවා නිසි පරිදි කාර්යක්‍ෂම ලෙස ක්‍රියාත්මක නොවන බව ද සඳහන් කර සිටී.
එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගොඩනැඟිලි පරිශ්‍රයන් දියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද බොහෝ ව්‍යාපෘති අතර මඟ නතර කිරීමෙන් රජයට මූල්‍ය හා භෞතික පාඩු සිදුව ඇති බව ද පෙන්වා දෙන විගණකාධිපතිවරයා, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පරිශ්‍රය සුදුසු දැයි සෙවීමට ඖෂධ නියාමන අධිකාරිය විශේෂ විමර්ශනයක් සිදු කළත් එහි වාර්තාව මේ දක්වා ප්‍රකාශයට පත්කර නැතැයි ද වැඩිදුරටත් සඳහන් කර සිටී.
( divaina | සුජීව තත්සර)
ඇමොක්සිලින් අමුද්‍රව්‍ය ආනයනයේදී මිලියන 105ක් වැනසිලා
T
The Leader Desk
January 26, 2025 • 5:14 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2023 වර්ෂයේ දී ඇමොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එකවර කිලෝග්‍රෑම් 9,000ක් ආනයනය කිරීමෙන් සහ ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීමෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රුපියල් මිලියන 105ක මුදලක් අනර්ථ ලෙස වැයකර ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
- ( divaina | සුජීව තත්සර)
අකුරු ප්‍රමාණය (Font Size):
අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය එකවර ආනයනය නොකර මූලිකව කිලෝග්‍රෑම් 25ක් සපයාගෙන ගුණාත්මකභාවය පරීක්ෂා කර ප්‍රගතිය මත ඉතිරි අමුද්‍රව්‍ය ක්‍රමානුකූලව ආනයනයට පියවර ගත්තේ නම් මෙවැනි අති විශාල පාඩුවක් රජයට අත්නොවන බව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කියා තිබේ.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


