BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

11ක් අතුරුදහන් කිරීම ගැන හිටපු නාවික හමුදාපතිට 'නඩු නොදා ඉන්න එපා' !

T

The Leader Desk

August 11, 2021 • 5:19 AM

11ක් අතුරුදහන් කිරීම ගැන හිටපු නාවික හමුදාපතිට 'නඩු නොදා ඉන්න එපා' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධය උත්සන්නව පැවති 2008-2009 වසර වල කොළඹ පදිංචි තම දරුවන් සහ ස්වාමි පුරුෂයන් ඇතුළු පිරිමින් 11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම්
  •     මේ වන විට මව්වරු තිදෙනෙක් සිය දරුවන්ගේ අහිමිවීමේ වේදනාවෙන් මිය ගොස් ඇතැයිද නීතිපතිට යොමු කළ එම ලිපියේ අවධාරණය කොට ඇත.
  •    සිය දරුවන් පැහැර ගෙන ගොස් මරා දැමීමට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන එය යටපත් කිරීමට හිටපු  හමුදාපති කරන්නාගොඩ තැත් කළ බව ඔව්හු සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ.
  •    විත්තිකරුගේ එම අභියාචනා පෙත්සම ලබන 30 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම් දෙන බව, රජයේ නීතිඥවරයා ජනක බණ්ඩාර අධිකරණයට දන්වා තිබේ .
අකුරු ප්‍රමාණය (Font Size):
ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රටේ ඉහලම නාවික හමුදා සෙන්පතියාට එරෙහිව වසර 13 ක් පුරා විමර්ශනය කොට ගොනු කළ අධි චෝදනා පත්‍රය ඉවත් කර නොගන්නා ලෙස එම පිරිසගේ දෙමාපියෝ නීතිපති ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
 
‘’වසර 13 ක විමර්ශනයකින් පසු අගවිනිසුරුගේ නියමයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් නියම කොට චෝදනා විභාග වෙමින් තිබියදී මෙසේ කඩිනමින් විත්තිකරුවන්ගේ චෝදනා ඉවත් කර ගැනීම මගින් වින්දිතයන් ලෙස තමන් අගතියට පත් වන බැවින් එය අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවක්’’ බව පැහැර ගෙන ගොස් අතුරුදන් කෙරුණු තරුණයන් ඇතුළු 11 දෙනාගේ දෙමාපියන් විසින් නීතිපති සංජය ජෙයරත්නම් වෙත පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටී.
 
චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව අධි චෝදනා ගොනු කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩට එරෙහිව පවරා තිබෙන අදාළ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා, කොළඹ  මහාධිකරණයට පසුගිය [4] දා  දැනුම් දුන්නේය.  
 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නිතිඥ ජනක බණ්ඩාර එලෙස දන්වා සිටියේ එම නඩුව චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ විනිසුරන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී  කැදවු අවස්ථාවේදීය.
 
කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රාජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජේගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ. 
 
Dehiwala Navy
 
අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක්  කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවය.
 
  
නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි , නාවික හමුදාවේ හිටපු මාධ්‍ය පූකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක, විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ,  තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී,  මාස්ටර් ප්‍රධාන සුළු නිලධාරි  මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ   පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ, 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පැවරෑ මෙම නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩයි.
 
 
‘’වසර 13 ක කාලයක් වේදනා විඳිමින් මෙම චුදිතයන් 14 දෙනාට මෙම දරුවන් සම්බන්ධයෙන් දඩුවම් නියම වෙතැයි සහ සාධාරණය  ඉටු වෙතැයි අප අපේක්ෂා කළෙමු’’ යැයි පවසන පැහැරගෙන ගොස් අතුරුදන් කෙරුණු 11 දෙනාගේ දෙමාපියන් නීතිපති සංජය ජෙයරත්නම් ගෙන් ඉල්ලා සිටින්නේ, වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම ස්භාවධර්මයට සහ ස්වභාවික යුක්ති මුලධර්මයන් ට ද පටහැනි බැවින් අසරණ වින්දිත දෙමාපියන් වෙනුවෙන් මෙම අධි චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම වළක්වාලන ලෙසය.  
 
මේ වන විට මව්වරු තිදෙනෙක් සිය දරුවන්ගේ අහිමිවීමේ වේදනාවෙන් මිය ගොස් ඇතැයිද නීතිපතිට යොමු කළ එම ලිපියේ අවධාරණය කොට ඇත.
 
Gunside Trinko
 
වරක්  හිටපු නාවික හමුදාපතිව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන විට, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් කට්ටුවක් විසින් එය වැළැක්වීමට ක්‍රියා කළේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද්මිරාල් කරන්නාගොඩ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ය.
 
අදාළ පෙත්සම විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු විට පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රොමේෂ් ද සිල්වා දැඩිව පවසා සිටියේ, පසුගිය යුද සමයේ නාවික හමුදාපති ධූරය දැරූ  සිය සේවාදායකයා, යුද ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දැරූ අයකු බව ය.  
 
 
විත්තිකාර කරන්නාගොඩ ට එරෙහිව නගන චෝදනා ව්‍යාජ ලෙස හැඳින්වූ ජනාධිපති නීතිඥවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත කටයුතු කරන බවට ඔහු විසින් චෝදනා කෙරුණු, නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශ්වයන් ඊට වගකිවයුත්තන් ලෙස නම් කර සිටියේය.
 
 
සිය සේවාදායකයා වැනි අයට අවශ්‍ය නම්  යමකු පැහැරගෙන යන්නට හෝ ඝාතනය කර සඟවන්නට යුද සමයේ හැකියාවක් තිබු බව ද, රණවිරුවන් වන ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ප්‍රශ්න කරන්නට ඒ දිනවල කිසිවකුත් නොසිටි සේම අදටත්  එසේ කරන්නට කිසිවකුටත් හැකියාවක් නොවන බව ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අවධාරණය කළ  ජනාධිපති නීතිඥයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ, මෙවැනි "රණවිරුවකු" අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම "ජාතියට එරෙහිව  කරන අපරාධයක්" ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තරයේ සැළකිය යුතුව ඇති  බව ය.
 
පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාගේ නීතිඥයාට ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු, කිසිදු විරෝධතා දැක්වීමකින් තොරව ඉදිරිපත් කරන්නට අවසර ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල, හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වාරණ නියෝගයක් පනවා එය අවසන් නියෝගය බවට ප්‍රකාශයට පත්කොට ඇත.
 
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය හමුවේ පවසා තිබුනේ  පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඔහුගේ පෙත්සමෙනුත්, ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණුත්  තමන් විසින් පිළිගන්නා බව ය.
 
පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව යහපාලන ආණ්ඩු කාලේ සිදු වූ යැයි කියන දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට ගිය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එවකට නාවික හමුදාපති ලෙස කඩිමුඩියේ නිදේශ ලබා ගත්තේ මහාධිකරණ නඩු විභාගයෙන් ගැළවීම ට බවයි පැහැර ගෙන ගොස් අතුරුදන් කර ඇති  11 දෙනාගේ දෙමාපියෝ පවසන්නේ.
 
 සිය දරුවන් පැහැර ගෙන ගොස් මරා දැමීමට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන එය යටපත් කිරීමට හිටපු  හමුදාපති කරන්නාගොඩ තැත් කළ බව ඔව්හු සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ.
 
විත්තිකාර වසන්ත කරන්නාගොඩ විසින් නීතිපති  දෙපාර්තමේන්තුව ගොනු කළ මෙම  අධිචෝදනා පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර නියෝගයක් ලබා ගෙන ඇත්තේ ඔහුගේ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඔහුට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසටයි.
 
 විත්තිකරුගේ එම අභියාචනා පෙත්සම ලබන 30 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම් දෙන බව, රජයේ නීතිඥවරයා ජනක බණ්ඩාර අධිකරණයට දන්වා තිබේ .  
 
Yasmin Sooka, Chairperson of the Commission on Human Rights in South Sudan present his report at a 40th Session of the Human Rights Council. 12 March 2019. UN Photo / Jean Marc Ferré  
යස්මින් සුකා
 
 
මේ අතර සත්‍ය හා යුක්තිය උදෙසා ජාත්‍යන්තරය මගින් ‘’ශ්‍රීලංකා නාවික හමුදාව; සාමුහිකව ඇස් වසාගැනීම’’ නමින් විශ්ලේෂණ වාර්තාවක් 2019 ඔක්තෝම්බරයේ දී ප්‍රකාශයට පත් කරමින් එහි විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා පැවසුවේ ‘’ත්‍රිකුණාමලය 11 පැහැර ගැනීමේ නඩු විභාගය ශ්‍රිලංකාවේ යුක්තිය ජය ගැනීම පිළිබඳව මහා අන්දරය වීමට නියම වී තිබුනත්, ශෝචනීය ලෙස එය අසාර්තකත්වයේ සංකේතයක් බවට පත්වී තිබේ. නාවික බුද්ධි අංශයේ විධාන ව්‍යුහය භාර හෝ ත්‍රිකුණාමලයේ රාජකාරි යොදවා සිටි හෝ බොහෝ ජේෂ්ඨ නාවික නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක් වත් කර නැත. අපරාධ කළ බවට සැක කෙරෙන්නන්ට ආරක්ෂාව සළසා උසස් වීම් දී  තිබෙන අතර ජිවතුන් අතර සිටින වින්දිතයන් කිසිවිටකත් සම්මුඛ පරික්ෂාවට ලක් කර නැත,’’ යනුවෙනි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
THE LEADER TV 
 
උදයංග බෙරගසා මරණය වඩම්වයි ! 
 
 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...