BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

රිය අනතුරුවලින් මේ වසරේ දරුවන් 115 ක් මියගිහින්

T

The Leader Desk

October 26, 2023 • 3:03 PM

රිය අනතුරුවලින් මේ වසරේ දරුවන් 115 ක් මියගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115 දෙනකු
  • මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.
  • රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේය.
  • "අපිට මාර්ග රිය අනතුරු  2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී.
අකුරු ප්‍රමාණය (Font Size):

මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි.

මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.

රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේය.

"අපිට මාර්ග රිය අනතුරු  2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී. 2023 /10/15 දක්වා 1,790ක් වාර්තා වෙනවා මාර්ග රිය අනතුරු. ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමුන් 129ක් නැතිවෙනවා. අනිත් එක 2023 /10/15 දක්වා ළමුන් 115ක් නැති වෙනවා. ඉතින් මේක බොහෝම ලොකු අපරාධයක්. ඒ කියන්නේ මාර්ග රිය අනතුරුවලින් වැඩියෙන්ම අපේ නැතිවෙන්නේ ශ්‍රමිකයන්. යතුරුපැදි අනතුරු තමයි අපට වැඩියෙන්ම තියෙන්නේ. උදාහරණයක් වශය‍ෙන් කිව්වොත් ළමයි රිය අනතුරට භාජනය වෙනවා. අම්මායි තාත්තායි හෙල්මට් දාගෙන පුතාව හරි දුවව හරි මැද තියාගෙන යනවා. එයාට හෙල්මට් නෑ. මම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකද්ද කියලා. පාරට වැටුණ ගමන් ඔළුව තමායි පාරේ වදින්නේ." මනෝජ් රණගල වැඩිදුරටත් පැවසිය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...