BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පුරප්පාඩුවට කවුද? ශාන්ත ද? හේරත් ද? :කොමිසමේ තීරණය 12 දා

T

The Leader Desk

August 10, 2019 • 9:39 AM

පුරප්පාඩුවට කවුද? ශාන්ත ද? හේරත් ද? :කොමිසමේ තීරණය 12 දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ මන්ත්‍රීධූරය හිමිවන්නේ ශාන්ත බණ්ඩාරටද, ඩී.බී.හේරත්ටද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තවමත් තීන්දු කර නැති බවත් ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කිරීමට කොමිසමේ සාමාජිකයන් අගෝස්තු 12වැනිදා රැස්වීමට නියමත බවත් වාර්තා වෙයි.
  • 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එජනිසය නියෝජනය කරමින් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා තේරී පත්විය.
  • ඒ නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට තිබී ඇත්තේ ඩී.බී.
  • හේරත්ටද, මීළඟ මන්ත්‍රීවරයා පත්කරන මොහොත වෙද්දී ලැයිස්තුවේ සිටින සුදුස්සා වන ශාන්ත බණ්ඩාරටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අගෝස්තු 05 වැනිදා අභාවප්‍රාප්ත විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එජනිසය නියෝජනය කරමින් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා තේරී පත්විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජනිස මනාප ලැයිස්තුවේ තේරීපත් නොවූ අය අතරින් ඊළඟට වැඩිම මනාප ලබා සිටියේ ශාන්ත බණ්ඩාර මහතාය. පසුව ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි. ඒ අනුව සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා අභාවප්‍රාප්තවෙද්දී ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියේය.

ඒ නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට තිබී ඇත්තේ ඩී.බී. හේරත් මහතාගේ නමය. කෙසේවෙතත් ඩී.බී. හේරත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට නම් කිරීමට පෙර ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා අස්විය. ඒ අනුව මන්ත්‍රීධූරය හිමිවිය යුත්තේ සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මියගිය මොහොතේ සිටි සුදුස්සා වන ඩී.බී. හේරත්ටද, මීළඟ මන්ත්‍රීවරයා පත්කරන මොහොත වෙද්දී ලැයිස්තුවේ සිටින සුදුස්සා වන ශාන්ත බණ්ඩාරටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබේ.

ඩී.බී. හේරත් මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වීම !

මෙවැනි තත්වයක් පිළිබඳව පූර්වාදර්ශ නොමැති වීමත්, ඒ ගැන පැහැදිළි නීතිමය උපදෙස් නොමැති වීමත් නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සිදු වූ බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග වාර්තා කරයි.

අදාළ පුද්ගලයන් දෙදෙනාටම මන්ත්‍රීධූරය ලැබිය යුතු බවට වන තර්ක ඇති බවත්, ඒ සියලු කාරණා ගැන සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත යුතු බවත් එම කොමිසමේ අදහස වී තිබේ.

එම මන්ත්‍රීධූරය පිළිබඳ තීරණය ගන්නා තෙක් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්පුර්ණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට නමක් යොජනා නොකර සිටින්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. ඩී.බී. හෙරත් මහතා මන්ත්‍රීධුරටය පත් කළහොත් නැවතත් ජාතික ලැයිස්තුවෙන් ශාන්ත බණ්ඩාර පත්කිරීමට එජනිසය සැලසුම් කර ඇත.

ඩී.බී. හෙරත් මහතා මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වීම මෙසේ ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වී එම පුරප්පාඩුව පිරවීමට එජනිසය උත්සාහ කිරීමට හේතුව බව එම කණඩායමේ ප්‍රබලයෙක් පැවසීය.

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට නමක් යෝජනා කරනවාදැයි කළ විමසීමකදී එජනිස මහ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස්ගතව සිටින බවත් ඔහු ලංකාවට පැමිණෙන තෙක් බලා සිටින බවත්ය.

(අනිද්දා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...