BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි !

T

The Leader Desk

March 26, 2023 • 4:39 AM

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ඉරිදා ලංකාදීපය'ට ප්‍රකාශකර ඇත.
  • රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී, ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණ බව ද ඔහු පවසයි.
  • ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇත.
  • එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පසුගියදා පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):



එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර, අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි.

එම රාජ්‍ය විවසාය අතර ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද වේ.

රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී, ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණ බව ද ඔහු පවසයි.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශය ට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇත.

එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පසුගියදා පැවසිය.


පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතු බව ජනමතයක් !


රට තුළ පවතින ආර්ථීක අර්බුදය හමුවේ පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වේ.  'නෙත් නිවුස්' කළ ක්‍ෂේත්‍ර චාරිකාවකදී ජනතාව සඳහන් කර ඇත්තේ, එම ආයතන පෞද්ගලීකරණය කර ජනතාවට සහන ලබාදිය යුතු බවයි. ඒ අනුව විදුලි ගාස්තු පහත දැමීමට ද පියවර ගතයුතු බව ඔවුන් පෙන්වා දෙයි.


පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එම ආයතනවල සිදුවන දූෂණ වංචා වැළැක්වීමට මෙන්ම ජනතාවට කාර්යක්ෂම සේවාවක්ද ලබා දිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් ද පවසත්.

මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ.



රට ආර්ථික වශයෙන් වැටී ඇති මෙවන් අවස්ථාවක වෘත්තීය සමිතිද මෙම අවස්ථාවේ රජයට සහය ලබා දිය යුතු බව ඔහු පෙන්වා දෙයි.


JW

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...