BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

වැලිගම නගරාධිපතිනියගේ හෝටලයේ 'ෆේස්බුක් සාදයක්' -13 ක් අත්අඩංගුවට

T

The Leader Desk

November 22, 2021 • 4:02 AM

  වැලිගම නගරාධිපතිනියගේ හෝටලයේ 'ෆේස්බුක් සාදයක්' -13 ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරේදා (20) රාත්‍රී මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
  • මෙම සාදයේදී භාවිත කළ කොකේන්, අයිස්, ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් එම සාදයේදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කර ඇති අතර ඒවා අලෙවි කිරීම ද එහිදී සිදුකර තිබෙන බවත් පොලිසිය පවසයි.
  • තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අලුත්පටබැඳිගේ චමිල ප්‍රසාද් නොහොත් තණමල්විල ආප්ප සුදා නමැති පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබේ.
  • මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, අහංගම, මාතර, හික්කඩුව, තිස්සමහාරාම සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම සාදයේදී භාවිත කළ කොකේන්, අයිස්, ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් එම සාදයේදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කර ඇති අතර ඒවා අලෙවි කිරීම ද එහිදී සිදුකර තිබෙන බවත් පොලිසිය පවසයි.

තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අලුත්පටබැඳිගේ චමිල ප්‍රසාද් නොහොත් තණමල්විල ආප්ප සුදා නමැති පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, අහංගම, මාතර, හික්කඩුව, තිස්සමහාරාම සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි. ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද පොලීසිය සඳහන් කළේය.

 අදාළ සාදය පැවැති 'නෙප්චුන්' හෝටලය වැලිගම නගරාධිපතිනියට අයත් එකක් බව ද අනාවරණ වී ඇත. වැලිගම නගර සභාවේ පාලන බලය හිමිව ඇත්තේ  එක්සත් ජාතික පක්ෂයටයි. 

 

THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 




 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...