BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

වසරක ගාසා යුද්ධයෙන් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්යමණ්ඩල සේවකයින් 137ක් මරුට

T

The Leader Desk

December 15, 2024 • 6:29 AM

වසරක ගාසා යුද්ධයෙන් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්යමණ්ඩල සේවකයින් 137ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (14) ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 22ක් ජීවිතක්ෂයට පත් වී යැයි එහි සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
  • දෙයිර් අල්-බලා හි නගරාධිපති ලෙස ද කටයුතු කළ ඔහු, සිය ඝාතන ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
  • ඔහු හමාස් සන්නද්ධ ත්‍රස්තයින්ට සහාය දැක්වූවකු බව එම හමුදා පැවසූහ.
  • මධ්‍යම ගාසා තීරයේ තවත් ස්ථාන කිහිපයකට වෙන් වශයෙන් එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිව් දෙනෙක් ඝාතනය වූහ.  එම සිදුවීමට පෙර, අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැසක් කළ ගබඩාවක් ආසන්නයේද ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍යම ගාසා තීරයේ දෙයිර් අල්-බලා හි නගර සභා ගොඩනැගිල්ලට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 10 දෙනෙක් මිය ගියහ. අවතැන් පලස්තීනුවන් ආධාර රැගෙන යාමට එහි රැස්ව සිටි අවස්ථාවක එම ප්‍රහාර එල්ල කර තිබේ. දෑත් වාරුවෙන්, රික්ෂෝ සහ පෞද්ගලික මෝටර් රථ මගින් තුවාළ කරුවන් සහ මළ සිරුරු අසල පිහිටි රෝහල වෙත රැගෙන යාමට යුහුසුළුව පියවර ගැනිණි.

gaza 675

 

ප්‍රහාර හමුවේ, මධ්‍යම ගාසාවේ, හමාස් පරිපාලන කමිටුවේ ප්‍රධානියා වූ දියාබ් අලි අල්-ජාරු (Diab Ali al-Jaru) ඝාතනය විය. දෙයිර් අල්-බලා හි නගරාධිපති ලෙස ද කටයුතු කළ ඔහු, සිය ඝාතන ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. ඔහු හමාස් සන්නද්ධ ත්‍රස්තයින්ට සහාය දැක්වූවකු බව එම හමුදා පැවසූහ. මධ්‍යම ගාසා තීරයේ තවත් ස්ථාන කිහිපයකට වෙන් වශයෙන් එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිව් දෙනෙක් ඝාතනය වූහ. 

එම සිදුවීමට පෙර, අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැසක් කළ ගබඩාවක් ආසන්නයේද ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය. සඟවා තිබූ අවි සහ එහි සිටි හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කොට එම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. ගසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට ඊයේ සහ සිකුරාදා (13) ද හමාස් රොකට් ප්‍රහාර එල්ල කෙරිණි.

 

මීට පෙර, අවතැන් පලස්තීනුවන් රැඳී සිටි ගාසා නගරයේ පැරණි සරණාගත කඳවුරක් වෙත ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය. එහි රැස්ව සිටි හමස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. එම ප්‍රහාරයෙන්, මවක සහ ඇගේ කුඩා දරුවා ඇතුළු පුද්ගලයින් 7ක් මරුමුවට  පත් වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

gaz908

 

ගාසා නගරයේ සිදු කළ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් ඩුබායි අල්  මෂාද් (Dubai Al Mashhad) රූපවාහිනියේ සේවයේ කළ මොහොමෙඩ් බාලෞෂා (Mohammed Baalousha) නම්, ජනමාධ්‍යවේදියකු ද ජීවිතක්ෂයට පත්විය. ඉකුත් වසරක කාලය තුළ, ගාසා තීරයේ සටන් වලින් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්යමණ්ඩල සේවකයින් 137ක් ඝාතනය වී ඇතැයි, "ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ" (The Committee to Protect Journalists) වාර්තාවක දැක්වේ. 

ඊජිප්තුවේ සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් සහ ඊජිප්තු ජනපති අබ්දෙල් ෆාටා අල්-සිසී (Abdel Fattah al-Sisi) අතර ගාසා සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම පිලිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...