BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියාව කි.මී.14,000ක් ඇදී යා හැකි මිසයිලයක් අත්හදා බලයි - ගුවන් කාලය පැය 15ක්

T

The Leader Desk

October 27, 2025 • 10:38 AM

රුසියාව කි.මී.14,000ක් ඇදී යා හැකි මිසයිලයක් අත්හදා බලයි - ගුවන් කාලය පැය 15ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන බුරෙවෙස්ට්නික් (Burevestnik) කෲස් මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව ඊයේ (26) නිවේදනය කළේය. එය ඕනෑම සතුරු ගුවන් ආරක්ෂක පද්ධතියක් විනිවිද යා හැකි ප්‍රබල අවියක් බව රුසියානු ජනපති, ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) පවසයි.
  • යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලින් නැගෙන දැඩි බලපෑම හමුවේ රුසියාව අවනත නැති බව නවතම න්‍යෂ්ටික අභ්‍යාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ යැයි, ජාත්‍යන්තර විචාරකයෝ පවසති.
  •   මෙම මස 21 දා අත්හදා බැලුණු නවතම කෲස් මිසයිලය, ගුවනේ පැය 15ක කාලයක් රැඳී සිටිමින්  කි.
  • 14,000 ක දුරක් ඇදී ගිය බව රුසියානු හමුදා පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් සතියේ එරට පැවති න්‍යෂ්ටික අභ්‍යාසයකදී එම අත්හදා බැලීම සිදු කෙරිණි.

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලින් නැගෙන දැඩි බලපෑම හමුවේ රුසියාව අවනත නැති බව නවතම න්‍යෂ්ටික අභ්‍යාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ යැයි, ජාත්‍යන්තර විචාරකයෝ පවසති. යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට වහා සටන් විරාමයකට යන ලෙස එක්සත් ජනපදය, රුසියාවට බල කර සිටී.

 

මෙම මස 21 දා අත්හදා බැලුණු නවතම කෲස් මිසයිලය, ගුවනේ පැය 15ක කාලයක් රැඳී සිටිමින්  කි. මී. 14,000 ක දුරක් ඇදී ගිය බව රුසියානු හමුදා පවසති. ලොව පවතින සුපිරි ගුවන් ආරක්ෂක පද්ධතීන්ට මුවා වී, පෙර නිර්ණය සැඟවූ ගුවන් මාවතක, අසීමිත දුරක් ඇදී යා හැකි පරිදි එය නිර්මාණය කර තිබේ. එවැනි, අවියක් මෙතෙක් ලොව කිසිදු රාජ්‍යයක් සතුව නැති බව, රුසියානු ජනපති කියයි.

cruisedididd

අධි ආරක්‍ෂිත මිසයිල නාශක පද්ධතියක් ඉදි කිරීම පිණිස සහ නැටෝ (NATO) හමුදා සන්ධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් ජනපදය 2001 වසරේ ඒක-පාර්ශ්වීයව බැලස්ටික් මිසයිල නාශක ප්‍රඥප්තියෙන් ඉවත් විය. නව අවිය ඊට ප්‍රතිචාර ලෙස තැනූවක් බව රුසියාව කියා සිටී.

පැතූ ලෙස කඩිනමින් යුක්‍රේනය යටත් කර ගැනීමට අසමත් වූ රුසියාව, "කඩදහි කොටියෙකැයි" ජනපති ට්‍රම්ප් සරදමින් පවසයි. එම යුද්ධයේදී, එක්සත් ජනපදය විසින් යුක්‍රේනය වෙත රුසියාවේ දිගු දුර බලශක්ති යටිතල පහසුකම් පිලිබඳ බුද්ධි තොරතු සැපයූ  බවට තොරතුරු පවතී. ඊට ප්‍රතිචාර ලෙස අවශ්‍ය ඕනෑම මොහොතක, අවශ්‍ය ඕනෑම ඉලක්කයක් වෙත  ප්‍රහාර එල්ල කිරීමට දැන් තමන් සතුව අවියක් පවතින බවට රුසියාව උදම් අනයි.  

මින් මතු, රුසියානු ඉලක්කයක් වෙත බටහිර සහායෙන් සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එහි ප්‍රතිඵල දරුණු හෝ අති මහත් වනු ඇතැයි, ජනපති පුටින් පවසයි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/27/2025

මුලාශ්‍රය :

Russia tested new nuclear-powered Burevestnik cruise missile

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...