BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

වසර 14කට පසුව හිස එසවූ ඩෙංගු ප්‍රභේදය

T

The Leader Desk

May 7, 2023 • 4:14 PM

වසර 14කට පසුව හිස එසවූ ඩෙංගු ප්‍රභේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත වෛරස් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්
  • දිස්ත්‍රික්ක නවයක පාසැල් 146ක, ළමයින් 5,208 ක් මේ පරීක්ෂණයට එකතු කර ගත්තා.
  • මෙහිදී සාම්පල් එකක් පරික්ෂා කරලා බැලුවා දරුවන්ගේ ඩෙංගු ප්‍රතිදේහ මට්ටම කොහොමද කියලා." සමස්තයක් ලෙස දිවයින පුරා ප්‍රතිඵල අනුව ඩෙංගු ප්‍රතිදේහ මට්ටම සහිත දරුවන්ගේ ප්‍රතිශතය 24.9% කි.
  • නමුත් අපේ පරීක්ෂණ වාර්තා අනුව පෙනී ගියා විශේෂයෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශය රෝගීන් අඩුවෙන්ම වාර්තා වූ ප්‍රදේශයක්, ප්‍රතිදේහ සහිත දරුවන් සීයයට 54ක් වගේ හිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ඒ, විශේෂයෙන් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමට ආසන්න වීමත් සමග ඩෙංගු වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින්ය.


ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්තිය අඩුද?

ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මකළ සමීක්ෂණයක් අනුව පාසැල් ළමුන් අතර ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්ති මට්ටම 24.9% ක් පමණක් බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර බීබීසී සිංහල සේවයට අනාවරණ කළේය.

"ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතුවෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍යවරු කණ්ඩායමකුත් එක්ක දිවයින පුරා පරීක්ෂණයක් කළා. පළාත් නවයම ආවරණය වෙන විදිහට. දිස්ත්‍රික්ක නවයක පාසැල් 146ක, ළමයින් 5,208 ක් මේ පරීක්ෂණයට එකතු කර ගත්තා. මෙහිදී සාම්පල් එකක් පරික්ෂා කරලා බැලුවා දරුවන්ගේ ඩෙංගු ප්‍රතිදේහ මට්ටම කොහොමද කියලා."

sdfeසමස්තයක් ලෙස දිවයින පුරා ප්‍රතිඵල අනුව ඩෙංගු ප්‍රතිදේහ මට්ටම සහිත දරුවන්ගේ ප්‍රතිශතය 24.9% කි.


"ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක වලින්. අපි බලාපොරොත්තු වුනා මේ ප්‍රදේශවල දරුවන්ගෙන් වැඩි ඩෙංගු ප්‍රතිදේහ මට්ටමක් තියෙයි කියලා. නමුත් අපේ පරීක්ෂණ වාර්තා අනුව පෙනී ගියා විශේෂයෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශය රෝගීන් අඩුවෙන්ම වාර්තා වූ ප්‍රදේශයක්, ප්‍රතිදේහ සහිත දරුවන් සීයයට 54ක් වගේ හිටියා. සමස්තයක් වශයෙන් ගත්තම දිවයින පුරා ප්‍රතිඵල අනුව ඩෙංගු ප්‍රතිදේහ මට්ටම සහිත දරුවන් සිටියේ 24.9%ක් පමණයි." යනුවෙන් මහාචාර්ය චන්දිම ජීවන්දර බීබීසී සිංහල සේවයට පැවසුවේය.

aewsdew

ප්‍රතිදේහ පරික්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි ?

ඩෙංගු වෛරසය සඳහා එන්නතක් හඳුන්වාදීමේ දී ප්‍රතිදේහ සම්බන්ධයෙන් සිදුකළ වාර්තා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

"මේ දත්ත වැදගත් වනවා අනාගතයේදී. විශේෂයෙන් ඩෙංගු එන්නතක් ලබාදෙන්න මේ වන විට පර්යේෂණ මට්ටමේ පවතිනවා. ඉතින් මේ එන්නත හඳුන්වා දෙනවනම් එම දත්ත වැදගත් වනවා."

"මීට වසර කිහිපයකට පෙර ඩෙංගු එන්නතක් ලෝකයේ සමහර රටවල ලබාදුන්නා. මේ එන්නත ලබාගත් දරුවන්ට පසුකාලීනව ඩෙංගු රෝගය වැළදුනාම එය දරුණු වීමේ, තීව්‍ර වීමේ වැඩි අවදානමක් ඇතිවුනා. ඒ මේ එන්නත නිසා."

"එයට හේතුව තමයි කලින් දුන් එන්නත ‘ඩෙන් ටු’ කියන ප්‍රභේදයට ලැබෙන ආරක්ෂාව ඉතාම අවමයි. ඉතින් රැකවරණය අඩු ප්‍රභේදයක් තියෙන නිසා එවැනි ප්‍රභේදයකින් නැවත රෝගය හැදුනොත් දරුණු රෝග තත්ත්වයන් බවට පත්වෙන්න පුළුවන්කම තියෙනවා."

2edwerශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මකළ සමීක්ෂණයක් අනුව පාසැල් ළමුන් අතර ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්ති මට්ටම 24.9% ක් පමණක් බව අනාවරණය වී ඇත.


"මොකද අර එන්නත නිසා එය ලබාගත් පුද්ගලයාගේ සිරුරේ ප්‍රයිමරි ඉන්ෆෙක්ෂන් එක හැඳුනා වගේ තත්ත්වයක් තියෙනවා. ඒක උඩට ස්වභාවිකව රෝගය හැදුනොත් සෙකන්ඩ් ඉන්ෆෙක්ෂන් එකක් හැදුනා වගේ වෙනවා. ඒ නිසා සංකූලතාවයන් වැඩිවීමේ හැකියාවක් ඇතිවනවා මේ නිසා. මේ වගේ තත්ත්වයක් විශේෂයෙන් පිලිපීනයේ ඇතිවුනා."

"දැනට පර්යේෂණ මට්ටමේ තියෙන ඩෙංගු එන්නත ඩෙන් ත්‍රී කියන ප්‍රභේදයට රැකවරණය අඩුයි. ඉතින් අපි අනෙක් රටවල් ලැබූ පරණ අත්දැකීම සහ අපේ පරීක්ෂණ වාර්තාවල රටපුරා ප්‍රතිදේහ මට්ටම තියෙන්නේ සියයට 24ක් වගේ. අනාගතයේදී එන්නතක් ආවොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් මේ පර්යේෂණ වලින් ලැබෙයි." මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේය.


වසර 14කට පසුව හිස එසවූ මේ ප්‍රභේදය මොකද්ද?

2009 වර්ෂය වන විට මෙරට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ ප්‍රභේදයක් වසර 14කට පසුව නැවත මෙරටින් වාර්තා වෙමින් පවතින බවට, රසායනාගාර පර්යේෂණවලින් හඳුනා ගැනීමට හැකිවූ බව මහාචාර්ය චන්දිම ජීවන්දර බීබීසී සිංහල සේවයට අනාවරණ කළේය.

"2009 වසර වන විට මෙරටේ සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වුනේ ඩෙන් 2 සහ ඩෙන් 3 කියන ප්‍රභේද ආශ්‍රිතවයි. ඉන් පස්සේ එය එක්වරම ඩෙන් වන් කියන ප්‍රභේදයට මාරු වුනාට පස්සේ මින් පෙර නොවූ විදිහට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුනා. ඉන් පසුව 2016 වර්ෂයේ මැද භාගයේදී ඩෙන් වන් කියන ප්‍රභේදය මාරු වුනා ඩෙන් ටු කියන ප්‍රභේදයට.

"මේ දක්වා ලංකාවේ වාර්තා වූ දරුණුම ඩෙංගු වසංගත තත්ත්වය ඇතිවුනේ 2017 වසරේදී. ඒ කාලයේදී රටේ රෝහල් පද්ධතිය පවා සංතෘප්ත වන තරමට රෝගීන් වාර්තා වුනා. මේ විශාල රෝගී තත්ත්වයට හේතු වුනේ ඩෙන් ටු කියන ප්‍රභේදය."

"වෛරස් ප්‍රභේදය වෙනස් වූ විට ඊට එරෙහිව සටන් කිරීමට මිනිස් සිරුරේ ප්‍රතිදේහ, ප්‍රතිශක්තිය නොමැති නිසා රෝගීන් වාර්තා වීම එක්වරම ඉහළ යනවා."

xdftgr443මෙරටින් වාර්තා වූ දරුණුම ඩෙංගු වසංගත තත්ත්වය ඇතිවුයේ 2017 වසරේදීය.


"කොවිඩ් නිසා පසුගිය සමයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් දකින්ට ලැබුණා. නමුත් මෙම වසරේ ජනවාරි මාසයේදී නැවත වතාවක් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවක් දකින්න ලැබුණා. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපේ රසායනාගාරයට ලංකාව පුරා ඩෙංගු රෝගින් ගේ සාම්පල් එවනවා. එතැනදී අපි දැක්කා 2023 මාර්තු වන විට මීට පෙර තිබු ඩෙන් ටු කියන ප්‍රභේදය වෙනුවට 2009 වසරේදී වාර්තා වූ ඩෙන් ත්‍රී කියන ප්‍රභේදය වාර්තා වුණා."

"අප්‍රේල් මාසයේදී අපි පරීක්ෂා කළ සියලුම නියැදිවල ඩෙන් ත්‍රී කියන ප්‍රභේදය වාර්තා වුනේ. මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. 2009 වසරේ දී ඩෙන් වන් කියන ප්‍රභේදයත්, 2016 වසර මැද භාගයේදී ඩෙන් ටු කියන ප්‍රභේදය මතුවෙද්දී 2017 වසරේ දී විශාල වශයෙන් රෝගීන් වාර්තා වීම වැඩි වුණා."

"අපි අනුමාන කරනවා දැන් ඩෙන් ත්‍රී කියන ප්‍රභේදයත් එක්ක ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන්න පුළුවන් කියලා. නමුත් මේක තීරණය කරන්නේ මිනිසුන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්ති මට්ටමත් එක්ක."

"ඩෙංගු රෝගය කියන්නේ වෛරස් එකක්. මේකට ප්‍රතිකාර නැහැ, මේක අපි කියන්නේ ඒ ඒ රෝග ලක්ෂණ වලටයි ප්‍රතිකාර කරන්නේ. මේ රෝගයේදී බොන්න බෙහෙතක් නැහැ, එන්නතක් නැහැ. ඒ නිසා ජනතාව රෝගය තමන් ඇතුළට එන එක නතර කරගන්න එක ඉතාම වැදගත්." මහාචාර්ය චන්දිම ජීවන්දර බීබීසි සිංහල වෙත ප්‍රකාශ කර සිටියේය.


ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමත් වේගවත්..

මේ වන විට රට තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ ඩෙංගු රෝගය ද පැතිරෙමින් තිබෙන නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.

"මේ දිනවල වැඩි වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරෙමින් තියෙනවා. තමන්ගේ දරුවන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් අනිවාර්යෙන්ම පාසැල් හෝ පෙර පාසැල් යවන්න එපා. මේක අනෙක් දරුවන්ටත් පැතිරෙන්න හැකියාව තියෙන නිසා. දින 03කට වඩා රෝගය තිබෙනවානම් අනිවාර්යෙන්ම පිළිගත් වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ගැනීම වැදගත්."

xfgdfg5ඩෙන් ත්‍රී නැමති ප්‍රභේදයත් සමග ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි.


‘මුව ආවරණ යලි පැලදීම සුදුසුයි’

"ඒ වගේමයි මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරෙන නිසා මුව ආවරණ යලි පැලදීම සුදුසුයි. අවුරුදු දෙකට වඩා අඩු දරුවන්, ගර්භනී මව්වරුන් වගේම වැඩිහිටි පුද්ගලයින් ගැන වැඩි අවදානයක් යොමු කිරීම වටිනවා."

"ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් එක්ක ඩෙංගු රෝගයත් පැතිරෙමින් තියෙන නිසා හිසරදය, ඇගපත වේදනාව සහ උණ යන රෝග ලක්ෂණ තියෙනවනම් වහාම ඩෙංගු ගැන රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදුකර ගන්න යොමු වෙන්න කියල ජනතාවට දැනුම් දෙන්න අවශ්‍යයි."

"පවතින වැසි තත්ත්වය ඉදිරියේදී වැඩි වෙලා ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පාචනය, අතීසාරය වැනි රෝග පැතිරීමේ අවදානමක් මතුවෙන්නේ පුළුවන් නිසා ඒ ගැනත් අවදානය යොමු කිරීමට ජනතාව කටයුතු කළ යුතුයි." යනුවෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...