14 වැනිදා පැවැත්වේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.
ඒ අනුව ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.
මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්
මේ අතර ඊයේ (24) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුයේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවයි.
"පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා."
"මේ කරුණු තුන ඇතුළත් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වුණාට පසුව තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන නීත්‍යාණුකූලව කතා කරන්න පුළුවන් වෙන්නේ."
"2024දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා."
මහමැතිවරණය නොවැම්බර් 14 දා
T
The Leader Desk
September 25, 2024 • 4:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නව පාර්ලිමේන්තුට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස
- ඒ අනුව ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.
- මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.
- නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


