BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් කෝටි 14කට අරන් - (පෝද්දල ජයන්ත)

T

The Leader Desk

October 12, 2024 • 7:41 AM

පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් කෝටි 14කට අරන් - (පෝද්දල ජයන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහ ස්නායු රෝගීන්ට ලබා දෙන එන්නත් බව හඟවා ඇල්වතුර පිරවූ එන්නත් කුප්පි 3150ක් මිල දී ගෙන ඒ වෙනුවෙන් රුපියල් දාහතර
  • වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලට ගෙන ‘Rituximab’ ලේබලය සහිතව එවන ලද පිළිකා ඖෂධ එන්නත රෝගීන්ට ලබා දුන්නද ඉන් ප්‍රගතියක් නොමැති වීම ගැන ඇති වූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරීක්ෂණයකට භාජන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි ජලය පමණක් අඩංගු බවයි.
  • පිළිකා රෝගීන් වෙනුවෙන් එම එන්නත් කුප්පි 2250ක් මිලට ගෙන ඇත්තේ රුපියල් 107,911,481 (රුපියල් දස කෝටි හැත්තෑ නව ලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූ එකක්) වැය කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නැති සමාගමකිනි.
  • එම එන්නත්හි ද අන්තර්ගතව ඇත්තේ ජලය පමණක් වන අතර එන්නත් කුප්පි කිහිපයක සේලයින් දියර අන්තර්ගතව තිබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෝටි හතළිස් දෙලක්ෂ අනූතුන්දහස් තුන්සිය පනස්හයක් ගෙවීමේ මහා පරිමාණ වංචාව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණ අරඹා ඇත.

වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලට ගෙන ‘Rituximab’ ලේබලය සහිතව එවන ලද පිළිකා ඖෂධ එන්නත රෝගීන්ට ලබා දුන්නද ඉන් ප්‍රගතියක් නොමැති වීම ගැන ඇති වූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරීක්ෂණයකට භාජන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි ජලය පමණක් අඩංගු බවයි.

පිළිකා රෝගීන් වෙනුවෙන් එම එන්නත් කුප්පි 2250ක් මිලට ගෙන ඇත්තේ රුපියල් 107,911,481 (රුපියල් දස කෝටි හැත්තෑ නව ලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූ එකක්) වැය කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නැති සමාගමකිනි.

එසේම අසාධ්‍ය ස්නායු රෝගීන්ට ලබා දීම වෙනුවෙන් යැයි සඳහන් කර රුපියල් 36,381,875ක් වැයකර ‘Human Immunoglobulin’ ලේබලය ඇලවූ එන්නත් කුප්පි 900ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගෙන ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම එන්නත් තිබියදී බරපතළ හිගයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි.

එම එන්නත්හි ද අන්තර්ගතව ඇත්තේ ජලය පමණක් වන අතර එන්නත් කුප්පි කිහිපයක සේලයින් දියර අන්තර්ගතව තිබී ඇත. එය මිලදී ගෙන ඇත්තේ ආනයනික ඖෂධයක් වශයෙන් වුවද එය නිපදවා ඇත්තේ මෙරට දී බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

(silumina.lk- පෝද්දල ජයන්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...