කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා'' යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.
ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.
යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
''යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා.''
-මන්ත්‍රීණි රෝහිණී කවිරත්න
ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා - දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා. මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි.
සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.
කාන්තාවන්ගේ ඔසප් වීම වෙනුවෙනුත් රජයට 15% බද්දක් ගෙවන්න නියමකරලා
මේ අතර මෙවර ජාතික ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වූ නීතීඥ නිරූපා සේරසිංහ පවසන්නේ, කාන්තාවන්ගේ ඔසප් වීම වෙනුවෙනුත් රජයට 15% බද්දක් ගෙවන්න කාන්තාවන්ට නියමකර ඇති බවයි.
ඇය එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේද සඳහන්වේ.
''2018 දි ආනයනික සනීපාරක්ෂක තුවා මත පැනවූ සෙස් බද්ද ඉවත් කලා, බහුතරයක් කාන්තාවගෙ ඡන්දයෙන් බලයට ආ , කාන්තාව සවිබල ගන්වන බව කියන මේ ආන්ඩුව ආයෙත් ඒ සෙස් බද්ද පනවලා,
මේ රටේ 51% ක් කාන්තාවන්, සාමාන්‍යයෙන් එක් කාන්තාවක් තම ජීවත කාලයෙන් දින 2535 ක් ඒ කියන්නෙ වසර 7ක පමණ කාලයක් ඔසප් වීමට මුහුණ දෙනවා.
සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පැකට් එකක් මේ වන විට රු.120 - රු. 170 අතර වන විට ආනයනික වෙළඳ නාම සහිත පැකට් එකක් රු.350 පමණ වෙනවා.
තමන්ගෙ දරුවට කිරි පැකට් එකක් ගන්න බැරිව ලතවෙන මව්වරු බහුතරයකට සනීපාරක්ෂක තුවා කියන්නෙ ඇත්තටම සිහියක්. තමන්ගෙ ආච්චි, අම්මා ඇන්ද වගේම ඔසප් දවසට රෙදි කෑලි අඳින දියණිවරු, සනීපාරක්ෂක පහසුකම් නැති නිසා ඔසප් දිනයට පාසල් නොයන දියණිවරු තාමත් අපේ රටේ බහුලයි.
කාන්තාවගේ සෞඛ්‍ය සවිබල ගන්වන්න නම් කල යුත්තෙ සනීපාරක්ෂක තුවායට බදු ගහලා කාන්තාවගෙ සනීපාරක්ෂාව තව පහලට දාන එක නෙමෙයි, සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන කාන්තාවත් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නට පෙළඹවිය හැකි මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.
''කාන්තාවගේ සෞඛ්‍ය සවිබල ගන්වන්න නම් කල යුත්තෙ සනීපාරක්ෂක තුවායට බදු ගහලා කාන්තාවගෙ සනීපාරක්ෂාව තව පහලට දාන එක නෙමෙයි, සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන කාන්තාවත් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නට පෙළඹවිය හැකි මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.''
-නීතීඥ නිරූපා සේරසිංහ
ඇත්තටම අද දියුණු ලෝකයෙ සනීපාරක්ෂක තුවා භාවිතයටත් වඩා ඉදිරියට ගිය ඔසප් සනීපාරක්ෂක ක්‍රම තියනවාඅපිට එහෙම දියුණු ක්‍රම නැතිවා පමණක් නෙමෙයි, සනීපාරක්ෂක තුවා අතර පවා විවිධත්වය අවමයි.
කාන්තාවන්ගෙ විවිධ කායික ස්වභාවයන් අනුව අවශ්‍ය සනීපාරක්ෂක තුවා වර්ග එකිනෙකට වෙනස්, ඒත් එහෙම තෝරාගැනීම් කිරීමට තරම් සනීපාරක්ෂක තුවා වර්ග අපේ රටේ නෑ.
ඔසප් වීම සම්බන්ධ සෞඛ්‍ය ගැන අධ්‍යාපනය නැති වීම, ඒ සම්බන්ධ මිත්‍යා විශ්වාස , විවෘත සංවාද නොමැතිකම ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධ බරපතල තත්වයක්.
ඇත්තටම කාන්තා අපි මේ ගැන තියන පසුගාමී අදහස්ම රජයන් ප්‍රයෝජනයට ගන්නවා බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න..
අසීමිත බදු ගසා සමාජයේ කාන්තාවන් කොටසක් පමණක් භාවිතා කරන සුඛෝපභෝගී භාන්ඩයක් බවට පත් නොකල යුතුයි.
තමන්ගෙ බිරිඳ, දියණිය, සහෝදරිය, පෙම්වතිය මාසෙකට වරක් පෙලෙන අපහසුතාවයට හිනාවෙන පිරිමි වගේම, අනේ මොන ලැජ්ජාවක්ද මේවා කතා කිරීම කියලා හිතන කාන්තාවනුත් ඉන්න රටක මේ ගැන විවෘත සංවාදයක් ඇති කිරීම් ඉතාම අපහසුවක් උනත් එය කල යුතුම කාලයයි මේ !!
සබැඳි පුවත් :
සනීපාරක්ෂක තුවාවලට තවත් බදු පැණවීම රාජ්‍ය නොපනත්කමකි. -අජිත් පැරකුම් ජයසිංහ



