BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ඡන්ද ක්‍රමය වෙනස් කරන යෝජනා ජුලි 15 ට පෙර එවන්න

T

The Leader Desk

June 23, 2021 • 4:26 AM

  ඡන්ද ක්‍රමය වෙනස් කරන යෝජනා ජුලි 15 ට පෙර එවන්න   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ
  •    ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
  • සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් ද සහභාගී වී ඇත.
  •         සිදු කෙරෙන මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට කාරක සභාව එකඟ වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.
 
 ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
 
 එකී යෝජනා  sec.pscelectionreforms2021@parliament.lk  යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
 මේ වන විට මැතිවරණ හා ජන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණට අදාළව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලැබි ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 94 ක් බව එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර  කාරක සභාවේ රැස්වීමේදී සඳහන් කර තිබේ.
 
 මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවි වන්නිආරච්චි, එම්. යූ. එම්. අලි සබ්රි, හා  පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් ද සහභාගී වී ඇත.
 
 
 
 
සිදු කෙරෙන මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට කාරක සභාව එකඟ වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම මූලධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ජා පැවැත්වීමටද එහිදී එකඟතාව පළවී තිබේ.
 
කාරක සභාව හමුවේ සාක්ෂි සහ අදහස් ලබාදීමට ඉදිරි දිනකදී මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය කැඳවීමට කටයුතු කරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළ බව රජය පවසයි.
 
යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කාරක සභාවේ සභාපතිවරයා සදහන් කර තිබේ.
 
 මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය බව රජය පවසයි.
 
##########
 
 
THE LEADER TV 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...