BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍ය අගමැති මැදුරේ මීයන් අල්ලන්නාගේ සේවයට වසර 15යි

T

The Leader Desk

February 18, 2026 • 4:25 AM

බ්‍රිතාන්‍ය අගමැති මැදුරේ මීයන් අල්ලන්නාගේ සේවයට වසර 15යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවස වන අංක 10 ඩවුනිං වීදියේ නිල මීයන් අල්ලන්නා වන ලැරී නමැති බළලා පසුගිය ඉරිදා තම සේවයේ 15 වැනි වසර සැමරීය.
  • ඒ වන විට ලැරීගේ වයස අවුරුදු 4කි.
  • අළු සහ සුදු පැහැයෙන් යුතු ලැරී ලන්ඩනයේ බැටර්සී සුනඛ සහ බළලුන් අලෙවිකරන මධ්‍යස්ථානයේ සිට 2011 පෙබරවාරි 15 වන දින ඩව්නිං වීදියේ පදිංචියට පැමිණියේය.
  • ලැරී අගමැති කාර්යාලයේ ප්‍රධාන මීයන් අල්ලන්නා ( Chief Mouser) යන නිල නාමය දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට අගමැතිවරුන් හය දෙනෙකු යටතේ සේවය කර ඇති ඔහු පළමු වරට අගමැති නිල නිවසේ සේවයට පැමිණ ඇත්තේ අගමැති ඩේවිඩ් කැමරන් සමයේය.

ඒ වන විට ලැරීගේ වයස අවුරුදු 4කි. අළු සහ සුදු පැහැයෙන් යුතු ලැරී ලන්ඩනයේ බැටර්සී සුනඛ සහ බළලුන් අලෙවිකරන මධ්‍යස්ථානයේ සිට 2011 පෙබරවාරි 15 වන දින ඩව්නිං වීදියේ පදිංචියට පැමිණියේය.

larry

ලැරී අගමැති කාර්යාලයේ ප්‍රධාන මීයන් අල්ලන්නා ( Chief Mouser) යන නිල නාමය දරයි.

ඔහුගේ මීයන් ඇල්ලීමේ රාජකාරියට අමතරව අගමැති නිල නිවෙසට පැමිණෙන අමුත්තන්ට ආචාර කිරීම, ආරක්ෂාව පරීක්ෂා කිරීම සහ පෞරාණික ගෘහ භාණ්ඩ තමාට නිදාගැනීමට සුදුසුදැයි පරීක්ෂා කිරීම වැනි රාජකාරි ද අයත් යැයි එක්තරා වෙබ් අඩවියක් සඳහන් කර ඇත.

නිදහසේ සැරිසරන, මේ වන විට 19 හැවිරිදි ලැරී අගමැති නිල නිවෙසට පැමිණෙන රාජ්‍ය නායකයින්ගේ සහ මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සුරතලෙකි.


( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...