BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

අයහපත් කාලගුණයෙන් පීඩා. මරණ 15ක් : නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

T

The Leader Desk

November 10, 2021 • 4:45 AM

අයහපත් කාලගුණයෙන් පීඩා. මරණ 15ක් : නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට සහ අනිද්දා වන විට වැසි පතිත වීමේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක
  • පවුල් 8820කට අයත් පුද්ගලයන් 23,638ක් අයහපත් කාලගුණයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
  • කෙසේවුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
  • ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මෙම වැසි ඇතිවන බවත්, එම පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වේ යැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසයි.

ඔක්තෝම්බර් 29 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් පහළොස්දෙනෙකු මරණයට පත්ව තිබේ.

පවුල් 8820කට අයත් පුද්ගලයන් 23,638ක් අයහපත් කාලගුණයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



කෙසේවුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මෙම වැසි ඇතිවන බවත්, එම පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වේ යැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.


දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්:


මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව අදියට 1 යටතේ ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.


 බදුල්ල දිස්ත්‍රික්කය:

 ඇල්ල
 පස්සර

කොළඹ දිස්ත්‍රික්කය:

සීතාවක
පාදුක්ක


ගාල්ල දිස්ත්‍රික්කය:

යක්කලමුල්ල
නෙළුව
අක්මීමන
නාගොඩ
ගාල්ල කඩවත්සතර


කළුතර දිස්ත්‍රික්කය:

ඉංගිරිය
වලල්ලාවිට
දොඩංගොඩ
හොරණ


මහනුවර දිස්ත්‍රික්කය:

 යටිනුවර
උඩුනුවර
හාරිස්පත්තුව
දොලුව
ගඟවටකෝරළය
පස්බාගේ කෝරළය
උඩපළාත



කෑගල්ල දිස්ත්‍රික්කය:

දැරණියගල
රුවන්වැල්ල
වරකාපොළ
ගලිගමුව
යටියන්තොට


කුරුණෑගල දිස්ත්‍රික්කය:


රිදීගම
මාවතගම
මල්ලවපිටිය



මාතලේ දිස්ත්‍රික්කය:

රත්තොට
උකුවෙළ



නුවරඑළිය දිස්ත්‍රික්කය:

වලපනේ
හඟුරන්කෙත
අඹගමුව
කොත්මලේ



රත්නපුර දිස්ත්‍රික්කය:

කුරුවිට
නිවිතිගල
ඇලපාත
කිරිඇල්ල



අදියර 2 යටතේ අවධානයෙන් සිටිමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.



ගාල්ල දිස්ත්‍රික්කය:

ඇල්පිටිය
බද්දේගම



 කළුතර දිස්ත්‍රික්කය:

බුලත්සිංහල
පාලින්දනුවර
අගලවත්ත
මතුගම




මහනුවර දිස්ත්‍රික්කය:


ගඟ ඉහළ කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක
බුලත්කොහුපිටිය
මාවනැල්ල
රඹුක්කන
දෙහිඕවිට
කෑගල්ල


කුරුණෑගල දිස්ත්‍රික්කය:

නාරම්මල



රත්නපුර දිස්ත්‍රික්කය:

අයගම
රත්නපුර
කලවාන
ඇහැලියගොඩ



3b40746f landslide early warning report at 1600hrs on 2021.11.09 page 00287759719 landslide early warning report at 1600hrs on 2021.11.09 page 003




THE LEADER TV


සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

 



කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අයහපත් කාලගුණයෙන් පීඩා. මරණ 15ක් : නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් | The Leader