BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සිංහලෙන් කතාකළ දෙමළ මන්ත්‍රී දකුණේදී මරා දමා අවුරුදු 15 යි

T

The Leader Desk

November 11, 2021 • 4:01 PM

සිංහලෙන් කතාකළ දෙමළ මන්ත්‍රී දකුණේදී මරා දමා අවුරුදු 15 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහළොස් වසකට පෙර දකුණේ දී වෙඩි තබා මරා දැමූ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උතුරේදී අනුස්මරණය කර තිබේ.
  • රවිරාජ් මරා දැමීමට චෝදනා ලැබූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි දෙලිවලගෙදර ගාමිනි සෙනෙවිරත්න සහ බුද්ධි අංශ නිලධාරි කන්කානම්ගේ ප්‍රදීප් චාමින්ද කොළඹ හුණුපිටියේ පිහිටි ආරක්‍ෂිත නිවහනක සිට ක්‍රියාත්මක වූ බව නඩුවේදී හෙළිදරව් විය.
  • යුද්ධය පැවති සමයේ පිඩාවට පත් යාපනයේ දෙමළ ජනයා මුහුණ දුන් කටුකත්වය මෙන්ම රාජ්‍ය හමුදා විසින් උතුරේ මුදා හරිනු ලැබූ මානව විරෝධී අපරාධකාරිත්වය ගැන සිංහල බසින් දකුණට සන්නිවේදනය කළ රවිරාජ් ඒ ගැන පාර්ලිමේන්තුව තුල නිරන්තරයෙන් අරගල කළේය.
  • දකුණේ යුද විරෝධී හා දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී බලවේග සමඟ සමීපව කටයුතු කිරීම ඔහු මරා දැමීමට හේතු වූ බවට සැකකෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලෙස කටයුතු කළ පළමු ධූර කාලසීමාවේ, 2006 නොවැම්බර් 10 වැනිදා ඝාතනය කෙරුණු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ 15 වැනි සමරුව චාවකච්චේරි Ravi Raje11පිහිටි ඔහුගේ පිළිරුව අභියස ඊයේ [10] පැවැත්විණි.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින්ද එදිනම වවුනියාවේ සිය අඛණ්ඩ උද්ඝෝෂණ භූමියේදී චාම් රවිරාජ් සමරුවක් පවත්වා තිබේ.



චාවකච්චේරි නගර සභාවේ හිටපු මන්ත්‍රී ඥාණප්‍රකාසම් කිෂෝර් විසින් සංවිධානය කර තිබූ යාපනයේ සමරුවට තමිල් අරසු කච්චි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, මරා දමන ලදා මන්ත්‍රීවරයාගේ බිරිඳ ශෂිකලා රවිරාජ්, දියණිය ප්‍රවීනා රවිරාජ් ඇතුළු පවුලේ හා දේශපාලන හිතවතුන් රැසක් එක්ව සිටී බව ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ වාර්තා කරති.

රවිරාජ් මරා දැමීමට චෝදනා ලැබූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි දෙලිවලගෙදර ගාමිනි සෙනෙවිරත්න සහ බුද්ධි අංශ නිලධාරි කන්කානම්ගේ ප්‍රදීප් චාමින්ද කොළඹ හුණුපිටියේ පිහිටි ආරක්‍ෂිත නිවහනක සිට ක්‍රියාත්මක වූ බව නඩුවේදී හෙළිදරව් විය.

විශේෂ ජුරියක තීරණය මත මහාධිකරණය මගින් චුදිත නාවික හමුදා නිලධාරින් තිදෙනා නිදහස් කෙරුනේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරවය.

යුද්ධය පැවති සමයේ පිඩාවට පත් යාපනයේ දෙමළ ජනයා මුහුණ දුන් කටුකත්වය මෙන්ම රාජ්‍ය හමුදා විසින් උතුරේ මුදා හරිනු ලැබූ මානව විරෝධී අපරාධකාරිත්වය ගැන සිංහල බසින් දකුණට සන්නිවේදනය කළ රවිරාජ් ඒ ගැන පාර්ලිමේන්තුව තුල නිරන්තරයෙන් අරගල කළේය.

දකුණේ යුද විරෝධී හා දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී බලවේග සමඟ සමීපව කටයුතු කිරීම ඔහු මරා දැමීමට හේතු වූ බවට සැකකෙරේ.

 
 
 

 

THE LEADER TV
 

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන


"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි 

 
ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...