BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

මියන්මාර් සහල් ගණුදෙනුව සැක කටයුතුයි ! - ඩොලර් මිලියන 15ක් රටට අහිමි වෙලා !

T

The Leader Desk

February 28, 2022 • 5:12 PM

මියන්මාර් සහල් ගණුදෙනුව සැක කටයුතුයි ! - ඩොලර් මිලියන 15ක් රටට අහිමි වෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඇනවුම්කර ඇති සහල් තොග වෙනුවෙන්,
  • මේවනවිට දෙරට රජයන් අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 01ක් මිලදී ගැනීමට ගැනීමට නියමිත වන්නේ, ඩොලර් 440ත් 450 ත් අතර මිලකටය.
  •   ඒ අනුව රජයට සම්බන්ධ ප්‍රබලයෙක් ටොන් එකට ඩොලර් 100 බැගින් කොමිස් ගැනීමක් සිදුකරන බවත්, මෙම ගනුදෙනුවෙන් පමණක් වර්ෂ දෙකට ඩොලර් මිලියන 30 ක කොමිස් ගැහිල්ලක් සිදුවන බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA ) හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක අයි.එස්.
  • මේ අතර අද (28) පැවති මාධ්‍ය හමුවක දී  අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද පැවසුයේ, ඩොලර් මිලියන 15ක් රටට අහිමි වන මියන්මාර් සහල් ගණුදෙනුව සැක සහිතය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මියන්මාරය වෙනත් රටවලට සහල් අලෙවි කරන මිලට වඩා රුපියල් කෝටි 305කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇතැයි 'අරුණ' පුවත්පත අනාවරණය කරයි.


මේවනවිට දෙරට රජයන් අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 01ක් මිලදී ගැනීමට ගැනීමට නියමිත වන්නේ, ඩොලර් 440ත් 450 ත් අතර මිලකටය.

එහෙත් මියන්මාරයේ දිනපතා ප්‍රමුඛ පුවත්පතක් වන Global New Light Of Myanmar අනාවරණය කර ඇති පරිදි මියෙන්මාරය මැත කාලයේ වෙනත් රටවලට සහල් අලෙවිකර ඇත්තේ, මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 340ත් 350 ත් අතර මිලකටය. 

ඒ අනුව ශ්‍රී ලංකාව මියන්මාරයෙන් මිලදී ගන්නා සහල් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් වැඩිපුර ගෙවනු ලබන මුදල ඩොලර් 100 කි.(රුපියල් 20,300කට වැඩි මුදලක් )

පුවත්පත් වාර්තාවට අනුව දෙරට අතර අත්සන් තබා ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ආනයනය කිරීමට නියමිතව ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසකි (1,50,000කි)

sdretr

මියන්මාර සහල් වෙළෙඳ සංගමයේ ලේකම් පසුගිය දිනෙක එරටේ මාධ්‍ය වලට ප්‍රකාශ කොට තිබුනේ වෙනත් රටවල් ටොන් එක ඩොලර්  350 ට ගනිද්දී ලංකාවේ රජය ටොන් එකක් ඩොලර් 450 කට මිලදී ගන්නා බවත්, ඔවුන් හාල් වල ගුණාත්මක භාවය ගැන සොයා නොබලන බවත්, ලංකාව සමග සහල් ගනුදෙනුව ඉතා වාසි සහගත බවත් මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.  



ඒ අනුව රජයට සම්බන්ධ ප්‍රබලයෙක් ටොන් එකට ඩොලර් 100 බැගින් කොමිස් ගැනීමක් සිදුකරන බවත්, මෙම ගනුදෙනුවෙන් පමණක් වර්ෂ දෙකට ඩොලර් මිලියන 30 ක කොමිස් ගැහිල්ලක් සිදුවන බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA ) හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක අයි.එස්. ජයරත්න පවසයි.



මේ අතර අද (28) පැවති මාධ්‍ය හමුවක දී  අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද පැවසුයේ, ඩොලර් මිලියන 15ක් රටට අහිමි වන මියන්මාර් සහල් ගණුදෙනුව සැක සහිතය බවයි.

 
මුලාශ්‍ර පුවත :

Myanmar’s rice export to Sri Lanka fetches high prices

 

Leader Whats app

  

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...