BREAKING
Top Ad
විදේශ

නේපාලයේ ගංවතුරෙන් 151ක් මරුට, 56ක් අතුරුදන්

T

The Leader Desk

September 30, 2024 • 8:30 AM

නේපාලයේ ගංවතුරෙන් 151ක් මරුට, 56ක් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නේපාලයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් 151 දෙනකු මියගොස් 56 දෙනෙක් අතුරුදන්ව සිටිති. දෙදිනක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් එරට හදිසි ගංවතුර තර්ජනයකට ලක්විය.
  • කත්මන්ඩු නිම්නයේ පමණක් පුද්ගල මරණ 37ක් වාර්තා වේ.
  • ප්‍රවාහනය ඇතුළු සියලු දෛනික කටයුතු ඇණහිට තිබේ.
  • නේපාලයේ ඇතැම් ප්‍රදේශ වෙත මිලි මීටර 322.2 ක වර්ෂාපතනයක් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලු පාසල් වෙත තෙදිනක විශේෂ නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ.

කත්මන්ඩු නිම්නයේ පමණක් පුද්ගල මරණ 37ක් වාර්තා වේ. ප්‍රවාහනය ඇතුළු සියලු දෛනික කටයුතු ඇණහිට තිබේ. නේපාලයේ ඇතැම් ප්‍රදේශ වෙත මිලි මීටර 322.2 ක වර්ෂාපතනයක් වාර්තා වේ. එරට ප්‍රධාන ගංගාව වන බග්මාති (Bagmati) නදියේ ජල මට්ටම අඩි 7 ක් ඉහළ ගොස් තිබේ. එය අවදානම් තත්වයක් බව බලධාරීහු පවසති.

කෙසේ වෙතත්, අයහපත් කාලගුණික තත්ත්වය කෙමෙන් පහව යන ලකුණු පෙන්නුම් කෙරේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Nepal closes schools as deaths from heavy rains hit 151


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...