BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රු. මිලියන 154 ක් වටිනා අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක්

T

The Leader Desk

June 20, 2025 • 3:21 PM

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රු. මිලියන 154 ක් වටිනා අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ (Gamma Camera) ඒකකය ඊයේ දින ප්‍රතිකාර සේවා සඳහා
  • තිබූ යන්ත්‍ර වසර 20ක් පැරණියි රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera)  සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත.
  • මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර ඇති යන්ත්‍රය වසර 20 වඩා පැරණි යන්ත්‍රයක් වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි.
  • මෙම  යන්ත්‍රය රෝහල තුළ ස්ථාපිත කිරීමට කටයුතු කළේ ඒ අනූව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

තිබූ යන්ත්‍ර වසර 20ක් පැරණියි

රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera)  සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත.

වකුගඩු රෝග ප්‍රධාන කොට රෝග විනිශ්චය කටයුතු සඳහා මෙම උපකණය භාවිතා කරයි.

මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර ඇති යන්ත්‍රය වසර 20 වඩා පැරණි යන්ත්‍රයක් වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි. එම අවස්ථාවල දී පරීක්ෂණ කටයුතු සිදු කළේ කොළඹ ජාතික රෝහලෙනි.

වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මීට මාස කිහිපයකට පෙර සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ දී රෝහල් පරිපාලනය සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර එහි දී නව (Gamma Camera) න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක් කඩිනමින් රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් ට උපදෙස් දුන්නේ ය.

මෙම  යන්ත්‍රය රෝහල තුළ ස්ථාපිත කිරීමට කටයුතු කළේ ඒ අනූව ය.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රජයේ රෝහල්වල මෙම යන්ත්‍රය  ස්ථාපිත කර ඇති අතර එමගින් රෝගී සත්කාර සේවා කාර්යක්ෂමව සිදුකරයි.

දරුවන්ගේ වකුගඩු රෝග පිළිබඳව ද නිවැරදි රෝග විනිශ්චයක්

මෙහි දී අදහස් දැක්වූ විකිරණ විශේෂඥ වෛද්‍ය නයනා සමරසිංහ පැවසුවේ මෙම අති නවීන යන්ත්‍රය මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙන බවත්, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් එම සේවාවන්  ඉටු කිරීමට කටයුතු කරන බව යි.

මෙම අති නවීන උපකරණය රෝහලට ලබා දීම පිළිබඳව නව රජයටත්, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ළමා රෝහල වෙනුවෙන් විශේෂ ස්තූතියක් පුදකරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මෙහි දී පැවසී ය.

එමෙන් ම දිවයින පුරා වෙසෙන දරුවන්ගේ වකුගඩු රෝග පිළිබඳව නිවැරදි රෝග විනිශ්චය ලබා දීමට ද රෝහල කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළුව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

(සටහන | දීප්ති විජේතුංග)

000health 2

000health 3

000health 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...