BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

'ඉරාන නාවික හමුදාවේ නෞකා 158ක් විනාශයි' : ඉතිරි යාත්‍රා ආවොත් එසැණින් විනාශ කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

T

The Leader Desk

April 14, 2026 • 3:45 AM

'ඉරාන නාවික හමුදාවේ නෞකා 158ක් විනාශයි' : ඉතිරි යාත්‍රා ආවොත් එසැණින් විනාශ කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 158ක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත්, ඉතිරිව ඇති කුඩා ප්‍රහාරක යාත්‍රා ද සිය අවහිර කිරීම් (Blockade) ආසන්නයට පැමිණියහොත් වහාම විනාශ කරන බවටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඒ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් (අප්‍රේල් 13 වැනිදා) රාත්‍රී 7.30 සිටයි.
  • ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිටවන නැව් වලට එරෙහිව එක්සත් ජනපදය පනවන ලද නාවික අවහිරය ආරම්භ කරන අවසාන කාලසීමාව ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම කාලසීමාව ප්‍රකාශයට පත් කර තිබිණ.
  • මෙම නාවික අවහිර කිරීම් වෙත ළඟා වුවහොත් ඉරාන 'ප්‍රහාරක යාත්‍රා' විනාශ කරන බවට ද ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී, මුහුදේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ප්‍රහාරක පද්ධතියම (System of kill) මෙම ඉරාන යාත්‍රා විනාශ කිරීම සඳහා ද යොදා ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.

* ඇමෙරිකාව ඉරාන වරායන් වෙත නෞකා පිවිසීම අවහිර කරයි

* හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට කිසිදු රටකට අයිතියක් නැතැයි ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ප්‍රධානියා පවසයි

* නාවික අවහිර කිරීම් වෙත සමීප වුවහොත් ඉරාන 'ප්‍රහාරක යාත්‍රා' විනාශ කරන බවට ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

* "ඔවුන් (ඉරානය) ආපහු සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ" ජනපති ට්‍රම්ප් කියයි


ඇමෙරිකාව ඉරාන වරායන් වෙත නෞකා ඇතුළු වීම අවහිර කිරීමේ ක්‍රියාමාර්ගය බලාත්මක කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් (අප්‍රේල් 13 වැනිදා) රාත්‍රී 7.30 සිටයි.

ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිටවන නැව් වලට එරෙහිව එක්සත් ජනපදය පනවන ලද නාවික අවහිරය ආරම්භ කරන අවසාන කාලසීමාව ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම කාලසීමාව ප්‍රකාශයට පත් කර තිබිණ.

මෙම නාවික අවහිර කිරීම් වෙත ළඟා වුවහොත් ඉරාන 'ප්‍රහාරක යාත්‍රා' විනාශ කරන බවට ද ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබිණ.

''එක්කෝ සැමට - නැතිනම් කාටවත් නෑ" : අමෙරිකාවේ වරාය අවහිරයට ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති සැලසුම "මුහුදු මංකොල්ලකෑමක්" (Act of Piracy) ලෙස හඳුන්වමින් ඉරාන හමුදාව දැඩි විරෝධය පළ කර ඇතැයි අල්-ජසීරා පුවත් සේවය පවසයි.

අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සහ ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු නාවික හමුදාව සිදු කිරීමට යන මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක අංශ මේ වන විටත් සීරුවෙන් තබා ඇත.

homuz 260321

අමෙරිකාවේ මෙම පියවර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය පැහැදිලිවම මුහුදු මංකොල්ලකෑමක් බවත් ඉරානය පවසයි. එසේම ගල්ෆ් කලාපයේ සහ ඕමාන් මුහුදේ පවතින වරායන්හි ආරක්ෂාව සහ පහසුකම් "එක්කෝ සැමට හිමි විය යුතු බවත්, නැතිනම් කාටවත් හිමි නොවිය යුතු බවත්" (Either for everyone or for no one) ඉරානය අවධාරණය කරයි.


යම් හෙයකින් අමෙරිකාව ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගතහොත්, කලාපයේ කිසිදු වරායක් ආරක්ෂිත නොවනු ඇති බවට ඉරාන හමුදා ප්‍රකාශකයන් අනතුරු අඟවා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් වෙත ඇතුළු වන සහ පිටවන නෞකා අවහිර කිරීමට නාවික හමුදාවට නියෝග කර ඇති අතර, කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින අතර කලාපය තුළ යුධමය වාතාවරණයක් වර්ධනය වෙමින් පවති.


| hirunews





මුලාශ්‍ර :

Vance accuses Iran of 'economic terrorism' in Strait of Hormuz as US blockade comes into effect

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...