නියෝජනය කරන මන්ත්‍රීන් 16 දෙනෙක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලනඅංශ ආරංචි මාර්ග කියයි
එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන් වේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන දිස්ත්‍රික්ක නායකයන් 16 දෙනකුට කැබිනට් අමාත්‍ය ධුර ලබාදිය යුතු යැයි එම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.
මෙයින් ඇතැම් අයට දැනටමත් තාවකාලික අමාත්‍ය මණ්ඩලයේ ඇමැති පදවි හිමිව තිබේ.
මේ අයට අමතරව එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක යන මන්ත්‍රීන් මෙම නිර්දේශිත නාමාවලියේ නම් සඳහන් මන්ත්‍රීන් අතර වන බව වාර්තා වෙයි.
එසේ වුවද මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුමගේ නම මෙම ලේඛනයට ඇතුළත් නොවේ. හම්බන්තොට දිස්ත්‍රික් නායකයා චමල් රාජපක්ෂ මහතා වුවද ඔහු ද අමාත්‍ය ධුරයක් භාර නොගනු ඇතැයි සඳහන්ය.
(deshaya.lk)




