BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

අධීක්ෂණ කාරක සභා දාහතේම (17) සභාපති ධූර සජබට ඉල්ලයි !

T

The Leader Desk

November 13, 2022 • 11:16 AM

අධීක්ෂණ කාරක සභා දාහතේම (17) සභාපති ධූර සජබට ඉල්ලයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළඟදී ස්ථාපනය කිරීමට නියමිත පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභා 17 හි ම සභාපති ධුර විපක්ෂයට නොලැබෙන්නේ නම්, තම දායකත්වය එම
  • විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට එබව දැනුම් දී තිබේ.
  • ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් එම සභාපති ධුර විපක්ෂය විසින් දරන බැවින් මෙවරද එලෙස සිදුවිය යුතු බව ඉල්ලීම ඉදිරිපත් කළ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කර ඇත.
  • ඔහුගේ මතය වී ඇත්තේ, කාරක සභා 8ක් විපක්ෂයටත් සභා 9ක් ආණ්ඩුවටත් හිමිවිය යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාරක සභා වෙත ලබා නොදෙන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට එබව දැනුම් දී තිබේ.


ඒ ඒ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ හා සකසනු ලබන පනත් කෙටුම්පත් අධීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිරීක්ෂණ ලබාදීම අංශික අධීක්ෂණ කාරක සභාවල වගකීමයි.

 

ආංශික කාරක සභා ස්ථාපිත කොට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව නොවැම්බර් 11 දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා විශේෂ හමුවේදී නව කාරක සභාවල සභාපති තනතුරු සියල්ල විපක්ෂයට ලැබිය යුතු බවට වූ ඉල්ලීම ඉදිරිපත් වී ඇත. මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සභාපති ධූර විපක්ෂයට ලබා ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර තිබේ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් එම සභාපති ධුර විපක්ෂය විසින් දරන බැවින් මෙවරද එලෙස සිදුවිය යුතු බව ඉල්ලීම ඉදිරිපත් කළ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කර ඇත.

 

එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොහොට්ටුව නියෝජනය කළ එහි මහලේකම් සාගර කාරියවසම් ඊට දැඩි විරෝධය පළකිරීමත් සමඟ තත්ත්වය උණුසුම් වී තිබේ. ඔහුගේ මතය වී ඇත්තේ, කාරක සභා 8ක් විපක්ෂයටත් සභා 9ක් ආණ්ඩුවටත් හිමිවිය යුතු බවය.


අවසානයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මතය ද විමසා ඇත. එහිදී මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශකර ඇත්තේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව කාරක සභාවලට සාමාජිකයන් පත්කෙරෙන වගයි. අනතුරුව එම කමිටුව විසින් සභාපතිවරයා බහුතර ඡන්දයෙන් තෝරාගත යුතු යැයි මහලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.


එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල සිය ස්ථාවරය වෙනස් කර නොමැත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...