BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්

T

The Leader Desk

May 8, 2024 • 2:47 PM

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ
  • විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතු ද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
  • අලි සබ්රි අමාත්‍යවරයා එබව පැවසුයේ,  "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතු ද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අලි සබ්රි අමාත්‍යවරයා එබව පැවසුයේ,  "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද  අලි සබ්රි මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙසේද පැවසීය.


ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය, ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත්  සමඟ  රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි.


 ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා  ආයෝජනය කිරීමට අදානී සමාගම  ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා  අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා.


ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ  වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි.


පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික  ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති  යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව  සාකච්ඡා කර තිබෙනවා.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...