BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ නාය යෑමක්; 17ක් මරුට; 73ක් තවමත් අතුරුදන්

T

The Leader Desk

January 26, 2026 • 4:45 AM

ඉන්දුනීසියාවේ නාය යෑමක්; 17ක් මරුට; 73ක් තවමත් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සති අන්තයේ ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි නාය යෑමකින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 17 තෙක් ඉහළ ගොස් ඇති බව එරට විපත් අවම කිරීමේ ඒජන්සිය අද (26) පැවසීය. පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.
  • පෙර දින හටගත් ධාරාණිපාත වර්ෂාව ඊට හේතුවූ බව බලධාරීහු පැවසූහ.
  • අයහපත් කාලගුණ තත්ත්වය තවත් සතියක කාලයක්වත් නොවෙනස්ව පවතිනු ඇති බවට ද අනාවැකි පළකර තිබේ.
  • නාය යෑම සිදුවූ පසීර් ලංගු ගම්මානය එරට ජකර්තා අගනුවරට කි.මී.100ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සෙනසුරාදා (24) උදෑසන බැන්ඩුන් බරාට් ප්‍රදේශයේ නේවාසික කලාපයක එම නාය යෑම සිදු විය. පෙර දින හටගත් ධාරාණිපාත වර්ෂාව ඊට හේතුවූ බව බලධාරීහු පැවසූහ. අයහපත් කාලගුණ තත්ත්වය තවත් සතියක කාලයක්වත් නොවෙනස්ව පවතිනු ඇති බවට ද අනාවැකි පළකර තිබේ.

නාය යෑම සිදුවූ පසීර් ලංගු ගම්මානය එරට ජකර්තා අගනුවරට කි.මී.100ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටියේය. නිවාස 30ක් පමණ නායට යට ව පවතී.  අතුරුදන් පුද්ගල සංඛ්‍යාව 73 කි.

 

000 93wt9hy
ඊයේ එම ප්‍රදේශයේම සිදුවූ අතුරු නාය යෑමක් හේතුවෙන් මුදා ගැනීම් මෙහෙයුම් අඩපණ විය. එම මෙහෙයුම් පිණිස ඩ්‍රෝන යානා සහ බර යන්ත්‍රෝපකරණ අවශ්‍යව පවතී.

ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ බටහිර ජාවා සහ ජකර්තා ඇතුළු ප්‍රදේශ රැසක ක්ෂණික ජල ගැලීම් හට ගත්තේය. ප්‍රදේශ වාසීන්ට නිවෙස් අතැර උස් බිම් කරා පලා යාමට සිදු විය.

සුමාත්‍රා දිවයින දරුණු වැසි සහිත සුළි කුණාටුවකින් හට ගත් ජල ගැල්මෙන් සහ නාය යෑමෙන් විපතට පත්ව දෙමසක ඇවෑමෙන් සෙනසුරාදා නාය යාම වාර්තා විය. සුමාත්‍රා විපතින් පුද්ගලයින් 1200ක් ජීවිතක්ෂයට පත් විය. නිවාස රැසක් මුළුමණින් විනාශයට පත් වූ අතර මිලියනයකට අධික ජනගහනයක් අවතැන් වූහ.

 




(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Death toll from landslide in Indonesia's West Java rises to 17

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...