BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

දකුණු ලෙබනනයේ අදත් දරුණු ගැටුම්. 18කට දිවි අහිමි වේ; 33කට වැඩි පිරිසකට තුවාළ; ඊශ්‍රායල භටයෝ 4 දෙනෙකුත් මරුට

T

The Leader Desk

June 19, 2026 • 12:18 PM

දකුණු ලෙබනනයේ අදත් දරුණු ගැටුම්. 18කට දිවි අහිමි වේ;  33කට වැඩි පිරිසකට තුවාළ; ඊශ්‍රායල භටයෝ 4 දෙනෙකුත් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා අද (19), දකුණු ලෙබනනයේ එල්ල කළ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාරයෙන් සිය හමුදා සාමාජිකයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ද ඊශ්‍රායල හමුදා පැවසූහ.
  • පුද්ගලයින් 18ක් ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි එම මූලික විමර්ශනවලදී අනාවරණය ව තිබේ.
  • එම සංඛ්‍යා තව දුරටත් ඉහළ යා හැකි බව, එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
  • ලෙබනන නබටීයේ දිස්ත්‍රික්කය වෙත ඊයේ රාත්‍රී සිට අද අළුයම තෙක්, අඛණ්ඩ ගුවන් සහ ෂෙල් ප්‍රහාර එල්ල වූ බව එහි නේවාසික පිරිස් පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍යම රාත්‍රියේ සිට එල්ල වූ අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අනතුරට පත් පුද්ගල ජීවිත මුදා ගැනීමේ මෙහෙයුම් දුෂ්කරව ඇතැයි, ලෙබනන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. පුද්ගලයින් 18ක් ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි එම මූලික විමර්ශනවලදී අනාවරණය ව තිබේ. එම සංඛ්‍යා තව දුරටත් ඉහළ යා හැකි බව, එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ලෙබනන නබටීයේ දිස්ත්‍රික්කය වෙත ඊයේ රාත්‍රී සිට අද අළුයම තෙක්, අඛණ්ඩ ගුවන් සහ ෂෙල් ප්‍රහාර එල්ල වූ බව එහි නේවාසික පිරිස් පැවසූහ. එය පසු ගිය සති කිහිපයෙන් අනතුරුව සිදු වූ බරපතලම ඊශ්‍රායල බෝම්බ හෙළීම බව ලෙබනන, NNA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කළේය.

 

h7ij
දකුණු ලෙබනනයේ හිස්බොල්ලා සන්නද්ධ මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ඉලක්ක රැසක් වෙත එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. එම ප්‍රති ප්‍රහාර, ඉරාන සහාය හිමි  සන්නද්ධ කල්ලිය විසින් පුන පුනා සිදු කළ සටන් විරාම උල්ලංඝනයට ප්‍රතිචාර වශයෙන් බව ද, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

දකුණු ලෙබනන කලාපයේ අලි අල්-ටහෙර් කඳු ප්‍රදේශය තරණය කර ලඟා වෙමින් සිටි ඊශ්‍රායල හමුදා වෙත ආක්‍රමණශීලී ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බොල්ලා සාමාජිකයෝ කීහ. එහිදී මිසයිල සහිත 'මෙර්කාවා' යුද ටැංකි තුනක් විනාශ කළ බව ද, රොකට් සහ කාලතුවක්කු රැගෙන එමින් සිටි ඊශ්‍රායල හමුදා සිය ඉලක්කය වූ බව ද හිස්බොල්ලා සටන්කරුවෝ කීහ.

ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ සිය නව සීමා ව්‍යාප්තිය දැක්වෙන සිතියමක් නිකුත් කර දිනක අවෑමෙන් මෙම නව ගැටුම් හට ගත්තේය.

 

67i678i578i
ඊශ්‍රායල හමුදා, දකුණු ලෙබනනයේ  කි.මී.10ක සීමාවේ තබන්නැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ ඉල්ලීම පිලිබඳ ඔහු හා දැඩි සාකච්ඡාවේ පසුවන බව ඊශ්‍රායල නිලධාරියකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය. දකුණු ලෙබනනයේ සිය හමුදා ඉවත් කරගැනීම ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කර සිටී. මෙම සතියේ ද, එම ඉලක්ක වෙත හිස්බොල්ලා කල්ලිය එල්ල කළ "මරාගෙන මැරෙන" ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල භටයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් පිරිසක් තුවාල ලදහ.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/19/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය

Lebanon hostilities escalate, with Israeli leaders defiant in face of US-Iran deal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...