BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

කෝවිඩ් -19 වෛරසය චීනයේ රසායනාගාරයක සෑදු බව ප්‍රංශ මහාචාර්‍යවරයෙක් සහතික කරයි!

T

The Leader Desk

April 18, 2020 • 1:07 PM

කෝවිඩ් -19 වෛරසය චීනයේ රසායනාගාරයක සෑදු බව ප්‍රංශ මහාචාර්‍යවරයෙක් සහතික කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාහාචාර්‍ය ලූක් මොන්තාඥියෙර් ( Luc Montagnier )
  • මහාචාර්‍ය ලූක් තම ගණිතඥ සගයකු වන ජොන් ක්ලොඩ් පෙරේස් (Jean-Claude-Perrez) සමඟ එක් වී නව කොරෝනා වෛරසයේ කුඩාම අනු පිළිබඳව විශ්ලේෂණය කර ඇති අතර, එහිදී මෙම වෛරසයේ ජානමය අනුපිළිවෙල HIV වෛරසයේ ජානමය අනුපිළිවලට සමාන බව සොයා ගෙන තිබේ.
  • නව කොරෝනා වෛරසය රසායනාගාර අනතුරක ප්‍රතිඵලයක් බවට මහාචාර්‍ය ලූක් පවසා සිටින්නේ, විද්‍යාත්මක ප්‍රජාවගේ සාමාජිකයන් කිහිප දෙනකු සමඟ එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් මතු කර ගත් න්‍යායක් පදනම් කර ගෙන බවයි.
  • ඒඩ්ස් වෛරසයට එන්නතක්  නිපදවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසය ඇති වූ බවට මහාචාර්‍ය ලූක් කරන ප්‍රකාශය විද්‍යාත්මක ලෝකය තුළ මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති කොට තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
කෝවිඩ් - 19 වෛරසය පැමිණෙන්නේ වුහාන් හී පිහිටි වන සතුන් අලෙවි කරන වෙළඳ පොලක සිදු වූ අපවිත්‍ර වීමක් නිසා යැයි තමා විශ්වාස නොකරන බවත්, එය කෙසේවත් විය නොහැකි දෙයක් බවත්, එය ලස්සන පුරාවෘත්තියක්  පමණක් බවත් පවසන ප්‍රංශ ජාතික මාහාචාර්‍ය ලූක් මොන්තාඥියෙර් ( Luc Montagnier ) මෙම වෛරසය පිට වී ඇත්තේ වුහාන් හී පිහිටි  අධි ආරක්ෂික රසායනාගාරයකින් බවත්  තමා සහතික කරන බව පවසයි.

වුහාන් නගරයේ පිහිටි මෙම රසායනාගාරය 2000 වසරේ මුල සිට මෙම කිරීටක වෛරසය පිළිබඳව විශේෂඥතාවයක් ලබා තිබෙන බව ද මහාචාර්‍යවරයා කියා සිටී.

මාහාචාර්‍ය ලූක් මොන්තාඥියෙර් යනු ඒඩ්ස් වෛරසය සොයා ගැනීම වෙනුවෙන් සම දායකත්වය සපයා වර්ෂ 2008 දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබේල් ත්‍යාගය හිමි කර ගත් ප්‍රංශ ජාතික වෛරස් විශේෂඥයෙකි.

මහාචාර්‍ය ලූක් තම ගණිතඥ සගයකු වන ජොන් ක්ලොඩ් පෙරේස් (Jean-Claude-Perrez) සමඟ එක් වී නව කොරෝනා වෛරසයේ කුඩාම අනු පිළිබඳව විශ්ලේෂණය කර ඇති අතර, එහිදී මෙම වෛරසයේ ජානමය අනුපිළිවෙල HIV වෛරසයේ ජානමය අනුපිළිවලට සමාන බව සොයා ගෙන තිබේ.

මාහාචාර්‍ය ලූක් ට අනුව චීනයේ වූහාන් රසායනගාරය, HIV වෛරසය සඳහා එන්නතක් සෑදීමට ගත් උත්සාහයක් ගෙන ඇති අතර , ඒ අනුව නව  කොරෝනා වෛරසයේ ජාන තුළට HIV වෛරසයේ අනුක්‍රමිකය ඇතුළත් කර තිබේ. 

කෙසේ වෙතත් තමා මෙම උත්සාහය හඳුන්වන්නේ මන්තර ගුරුකම් කරන ආධුනිකයෙකුගේ උත්සාහයක් ලෙස බවත් මහාචාර්‍ය ලූක් පවසයි.
 
Unknown
ඉන්දියානු පර්යේෂකයන් කණ්ඩායමක්:

තමන් පමණක් නොව ඉන්දියානු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ද මේ පිළිබඳව අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බවත් ඔවුනට ද මෙම නව කොරෝනා වෛරසයේ ජානමය අනුපිලිවෙල තුළ වෙනත් වෛරසයක අනුපිලිවෙලක් ඇතිබවට පෙනී ගොස් තිබුණ නමුත් ඔවුන් එම  වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන්ට එම පර්යේෂණයෙන් ඉවත් වීමට සිදු වූ බවත් මහාචාර්‍ය ලූක් පවසනවා.

නව කොරෝනා වෛරසය රසායනාගාර අනතුරක ප්‍රතිඵලයක් බවට මහාචාර්‍ය ලූක් පවසා සිටින්නේ, විද්‍යාත්මක ප්‍රජාවගේ සාමාජිකයන් කිහිප දෙනකු සමඟ එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් මතු කර ගත් න්‍යායක් පදනම් කර ගෙන බවයි.

ඒඩ්ස් වෛරසයට එන්නතක්  නිපදවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසය ඇති වූ බවට මහාචාර්‍ය ලූක් කරන ප්‍රකාශය විද්‍යාත්මක ලෝකය තුළ මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති කොට තිබෙනවා.

''ඒඩ්ස් වෛරසයට එන්නතක්  නිපදවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසය ඇති වූ බවට මහාචාර්‍ය ලූක් කරන ප්‍රකාශය විද්‍යාත්මක ලෝකය තුළ මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති කොට තිබෙනවා.''

නව කොරෝනා වෛරසය තුළ  HIV වෛරසයේ ජානමය මූලද්‍රව්‍ය මෙන්ම, මැලේරියා විෂබීජයේ ජානමය මූලද්‍රව්‍ය තිබෙන බවත් මහාචාර්‍යවරයා විසින් සිදු කර ඇති සැම සම්මුඛ සාකච්ඡාවකදීම ප්‍රකාශ කොට තිබේ.

කොරෝනා වෛරසයේ ඇති ලක්ෂණ ස්වභාවිකව ඇති විය නොහැකි බව පවසන මහාචාර්‍යවරයා, මෙම විදේශීය මූලද්‍රව්‍යන්ගෙන් යුත් වෛරසය වායුගෝලයෙන් පවා ඉවත් කළ යුතු බවට යෝජනා කරනවා.

TOPSHOT - US President Donald Trump gestures as he speaks during the daily briefing on the novel coronavirus, COVID-19, in the Brady Briefing Room at the White House on March 31, 2020, in Washington, DC. - President Donald Trump on March 31 warned of a "very painful" two weeks as the United States wrestles with a coronavirus surge that the White House warns could kill as many as 240,000 Americans. (Photo by MANDEL NGAN / AFP) (Photo by MANDEL NGAN/AFP via Getty Images)                                           ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හඳුන්වනු ලැබුවේ "චයිනා වෛරස්" යන විශේෂණ පදය යොදා ගනිමිනි

නව කොරෙනා වෛරසය ආරම්භයේ සිටම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හඳුන්වනු ලැබුවේ "චයිනා වෛරස්" යන විශේෂණ පදය යොදා ගනිමිනි.  ලොව බොහෝ රටවල් සහ පුද්ගලයන් ට්‍රම්ප් ට එරෙහිව විවිධ අදහස් ප්‍රකාශ කරන්නට පෙළඹුණු අයුරු අප දුටුවෙමු.

නව කොරෝනා වෛරසය "චීන වෛරස්" ලෙස හඳුන්වන විට චීනය ඊට පිළිතුරු දුන්නේ ඇමරිකානු සොල්දාදුවන් විසින් එම වෛරසය තම රටට ගෙනවිත් ඇති බව පැවසීමෙනි. නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මෙම නව කොරෝනා වෛරසයේ හිමිකරු චීනය බව තෙරුම් ගෙන තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල් අතුරින් ප්‍රංශයේ ජනාධිපතිවරයා ද මේ වන විට කොරෝනා වෛරස් අර්බුදයේ චීන භූමිකාව පිළිබඳව ඉතා දැඩි හා සෘජු ප්‍රකාශයක් සිදු කර තිබේ.

අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ කොරෙනා ආසාදිතයන් 761 ක් මිය ගොස් තිබුණි.

# මේ අතර ඊයේ (අප්‍රේල් 17 ) දිනින් අවසන් වූ පැය 24 තුළ, ප්‍රංශයේ කොරෙනා ආසාදිතයන් 761 ක් මිය ගොස් තිබුණි.

# සමස්ත ආසාදිතයන් ගණන 1,68,241 කි. 

# පැය 24 ක් තුළ හදුනගෙන තිබූ ආසාදිතයන් ප්‍රමාණය 3,214 කි.

# ඊයේ වන විට ප්‍රංශය තුළ මිය ගොස් තිබූ ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 18,681 කි.

# රෝහල්ගත සංඛ්‍යාව 31,190 ක් වන අතර, දැඩි සත්කාර ඒකකවල සිටින ප්‍රමාණය 6,027 කි.

#  රෝහල්වලට පැමිණීමෙන් පසුව සුව වී පිටව ගොස් ඇති පුද්ගලයන් ප්‍රමණය 34,420.

මරණ සංඛ්‍යාවේ අනුපාතය මේ වන විට වේගවත් වී ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් පවසයි. ඔහුට අනුව මාර්තු මැද භාගයේ සිට මෙම ඉහළ යෑම සිදු වී තිබේ.

12 වන සතියෙ 16% ක් වූ මරණ අනුපාතය 13 වන සතියේදී 35% ක් ද,  මාර්තු 30 සිට අප්‍රේල් 05 දක්වා වූ 14 වන සතිය් වන විට එය 59.6% දක්වා සීඝ්‍ර වර්ධන මට්ටමකට ගමන්කර තිබේ.


( සුනිල් ගාමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන් )
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...