BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කොවිඩ් 19: මුඛ වැසුම් පළදින ලෙස බ්‍රසීල ජනපතිට අධිකරණ නියෝගයක් !

T

The Leader Desk

June 25, 2020 • 3:06 PM

 කොවිඩ් 19: මුඛ වැසුම් පළදින ලෙස බ්‍රසීල ජනපතිට අධිකරණ නියෝගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රසීල ජනපති විසින් කොවිඩ් 19 පොඩි හෙම්බිරිස්සාවක් යැයි කී වසංගතයට දැනට 51,000ක් බිලිවී තිබේ.
  • ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට ප්‍රසිද්ධියට පැමිණෙන අවස්ථාවන්හිදී මුඛ වැස්මක් නොපලදින බවට චෝදනා එල්ලවී තිබිණ.
  • අධිකරණ නියෝගය ලබාදුන් ෆෙඩරල් විනිසුරු රෙනාටෝ බොරෙලි පැවසුවේ, කොවිඩ්-19 පුපුරා යාම මන්දගාමී කිරීම සඳහා වූ ෆෙඩරල් දිස්ත්‍රික් ආඥා පනතට දිගින් දිගටම අකීකරු වුවහොත් බොල්සනාරෝට දිනකට රයිස් 2,000 (ඩොලර් 387) ක දඩයකට යටත් කරන බවයි.
  • බ්‍රසීලයෙහි කොවිඩ් 19 දරුණූ වසංගත තත්වයක් බවට පත්වූයේද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනුව යමින් ගෝලීය වසංගතය එතරම් ගණන් ගත යුතු නැතැයි ප්‍රකාශ කර එය වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍යමය පියවර නොගත් නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


දක්ෂිණාංශික ජනතාවාදීයකු වන බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ට මුඛ වැස්මකින් තොරව දේශපාලන රැලිවලට සහභාගී වීම වළක්වමින් බ්‍රසීල අධිකරණ විසින් පෙරේදා (ජුනි 23) නියෝගයක් ලබාදී ඇත.

ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට ප්‍රසිද්ධියට පැමිණෙන අවස්ථාවන්හිදී මුඛ වැස්මක් නොපලදින බවට චෝදනා එල්ලවී තිබිණ.

අධිකරණ නියෝගය ලබාදුන් ෆෙඩරල් විනිසුරු රෙනාටෝ බොරෙලි පැවසුවේ, කොවිඩ්-19 පුපුරා යාම මන්දගාමී කිරීම සඳහා වූ ෆෙඩරල් දිස්ත්‍රික් ආඥා පනතට දිගින් දිගටම අකීකරු වුවහොත් බොල්සනාරෝට දිනකට රයිස් 2,000 (ඩොලර් 387) ක දඩයකට යටත් කරන බවයි.

බ්‍රසීලයෙහි කොවිඩ් 19 දරුණූ වසංගත තත්වයක් බවට පත්වූයේද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනුව යමින් ගෝලීය වසංගතය එතරම් ගණන් ගත යුතු නැතැයි ප්‍රකාශ කර එය වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍යමය පියවර නොගත් නිසාය.

මේවන විට කොව්ඩ් 19 නිසා බ්‍රසීලයෙහි 1,117,430 ට වයිරසය අසාදනය වී  51,502ක් මිය ගොස් තිබේ.

11th National War Heroes Day01   ශ්‍රි ලංකා ජනාධිපතිවරයා අන් සියලු දෙනා මුඛ ආවරණ පැළද සිටි විජයග්‍රහණය සැමරුම උත්සවයේදී පවා එම ආරක්ෂක පියවර අනුගමනය කළේ නැත.

මේ අතර පසුගිය දින දෙක තුළ පමණක් 50,00ක් දෙනාට කොවිඩ් 19 අසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තත්වය වඩා නරක් වියහැකි බව වසංගතය සම්බන්ධ එරට ප්‍රධාන වෛද්‍යවරු තිදෙනා පෙරේදා  (23) ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ ඉහළම බෝවන රෝග විශේෂඥයා වන ඇන්තනි ෆවුසි  නීති සම්පාදකයින්ට පවසා ඇත්තේ සමහර ප්‍රාන්තවල කොරොන වයිරස් ආසාදනවල “කරදරකාරී නැගීමක්”  පෙන්නම් කරන බවයි.

එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක් හරහා වසංගත අසාදිත ප්‍රමාණයන් වේගයෙන් ඉහළ යමින් පවතින අතර වයිරසය ගණන් නොගෙන එළඹෙන පැවැත්වූ ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ  ජනාධිපතිවරණ ප්‍රචාරක රුස්වීමක සංවිධායකියින් හය දෙනෙකුටම දැන් කොවිඩ් 19 අසාදනය වී තිබේ.

පකිස්තානු ක්‍රිකට් නායකයාටත් කොවිඩ් 

909304 887234 twitter 4සීමා කිරිම් ලිහිල් කරන අතරතුර වසංගතය නොසළකා හැර ක්‍රීඩා පුහුණුවීම්වල යෙදුණු පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් හත් දෙනෙකුට දැනට කොවිඩ් 19 අසාදනය වී තිබේ. 

අගොස්තු මාසයෙහි එංගලන්තයේ ක්‍රීඩා තරඟ මාලාවකට සහභාගිවීම සඳහා පකිස්තාන ක්‍රිඩකයෝ මේ දිනවල පුහුණුවීම් වල යෙදෙමින් සිටිති.

මේ අතර බෙල්ග්‍රේඩ්හි ටෙනිස් තරඟ මාලාවක් සංවිධානය කළ අද ලොව අංක 01 දරණ  ටෙනිස් ශූරයා වන නොවැක් ජොගොවික්ට ද වයිරසය අසාදනය වි ඇති බව වාර්තා විය. මෙම තරඟ මාලාව අතරතුර සමාජ දුරස්තරබව පවත්වා ගැනීම නොසළකා හරින ලද අතර වැළද ගැනීම් සහ අතට අත දීම්ද සිදුවිය. 

ඊට අමතරව ක්‍රීඩකයින් සහභාගිවූ රාත්‍රී සමාජශාලා එක්වීමක් ද පවත්වන ලදී. එහිදී කිසිදු සීමාවකින් තොරව විනෝද වූ බව වාර්කා වේ. මෙ වන විට අඩුම වශයෙන් මෙම තරඟාවළියට සහභාගි වූ ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට රෝගය අසාදනය වී තිබේ.

තවම ගෝලීය වසංගතය අවසන්ව නැති බවත් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම අසාදිතයින් සංඛයාව වන 150,000 වාර්තා වූ පසුගිය දිනක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

අගොස්තුවේ සිට සංචාරකයින්ට රට විවෘත කිරීමේ තීන්දුව !

0e3cdf3ab2011c045d9cc586338d76aa XLමෙම තත්වය යටතේ අගොස්තු මාසයේ සිට සංචාරකයින්ට රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය යළි සළකා බැලීමට සිදුවනු ඇතැයි ද විවිධ අංශ ප්‍රකාශ කරති. 

මහජනයා සමාජ දුරස්ථභාවය නොසළකා කටයුතු කිරීම ගැනත් අවශ්‍ය තරම් ප්‍රවාහණ පහසුකම් නැති බැවින් බස් රථවලදී තදබදව ගමන් කිරීමට සිදුවීම ගැනත් කණස්සල්ල පළ කරන වෛද්‍ය අමල් ජාසිංහ මෙමගින් වසංගතය යළි පැතිරයාමක් ඇතිවිය හැකි යැයි බිය පළ කර තිබේ.

මේ අතර පේස්බුක් සටහනක් තබන ජනාධිපති රාජපක්ෂ ද පරිස්සම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට තිබේ.

“ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. 

එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි.”

ගෝටා11

(srilankabrief.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...