BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

''19 අහෝසි කලොත් රටට අහිතකර ප්‍රතිවිපාක ලැබෙනවා නියතයි - නීතිඥ සුරේන් ප්‍රනාන්දු

T

The Leader Desk

July 27, 2020 • 12:52 PM

''19 අහෝසි කලොත් රටට අහිතකර ප්‍රතිවිපාක ලැබෙනවා නියතයි  - නීතිඥ සුරේන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 19 වන සංශෝධනය අහෝසි කිරීමට තුනෙන් දෙකක් බලයක් ලබාදෙන්නැයි 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් ජනතාව ගෙන් ඉල්ලා සිටිද්දී,
  • එහෙයින් 19 වන සංශෝධනයෙන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • මෙවර මහ මැතිවරණයේ දී 'සමගි ජන බලවේගය' ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඔහු එබව සඳහන් කළේ SL Talk Show සමග පැවති සාකච්ජාවක දී ය.
  • ආන්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිම ආකාරයක සාකච්ඡාවක් සිදු කර නැති බව ඔහු අවධාරණය කර සිටීයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 ව්‍යවස්ථා සම්පාදන කාර්යය සම්බන්ධයෙන් අවධානය යොමු කරන නීතිවේදියකු වන සුරේන් ප්‍රනාන්දු අවධාරණය කර සිටින්නේ,  19 අහෝසි කිරීමෙන් රටට ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අතිශයින් ම බරපතල බවයි.

එහෙයින් 19 වන සංශෝධනයෙන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවර මහ මැතිවරණයේ දී 'සමගි ජන බලවේගය' ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඔහු එබව සඳහන් කළේ SL Talk Show සමග පැවති සාකච්ජාවක දී ය.

 

vote 2020

 

'තුනෙන් දෙක ඉල්ලුවාට කරන දේ ගැන දන්නෙ නෑ' - වාසුදේව කියයි  

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සති අන්ත 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ප්‍රකාශ කරමින් තුනෙන් දෙකක බලය ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටියද ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ නායකයන් අතරවත් නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුත්තේ කුමක්දැයි එකඟතාවයක් නොමැති බවයි .

ආන්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිම ආකාරයක සාකච්ඡාවක් සිදු කර නැති බව ඔහු අවධාරණය කර සිටීයි.

ආණ්ඩු සන්ධානයෙන් තීන්දු ගැනීම සඳහා වන ඉහළම ආකෘතිය එම සන්ධානයේ පක්ෂ නායක හමුව බවත්, එහි නායකයින් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව විවිධ අදහස් ඇති බවත් ඔහු ' අනිද්දා' පුවත්පතට පවසා තිබේ.

wasu talk

මහින්ද රාජපක්ෂ, තමා ඇතුළු නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන බවත් උදය ගම්මන්පිල වැනි නායකයන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වාදී ඇත.

19 වැනි සංශෝධනය වෙනස් කළ යුතු බව බොහෝ නායකයන් ප්‍රකාශ කර නමුත්, ඊට පසුව කළ යුතු කළ යුත්තේ කුමක්දැයි නායකයන් අතර එකිනෙකට පරස්පර අදහස් පවතින බව ද වාසුදේව නානායක්කාර පෙන්වා දී තිබේ.

 කෙසේ වෙතත් 2015 දී බලයට පත්වූ පාර්ලිමේන්තුව පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක සභාවේ දී එකඟ වූ ව්‍යවස්ථා යෝජනා ආණ්ඩුවේ නායකයන් පිළිනොගන්නා බව ද ඔහු  'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

මීට පෙර 18 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී මෙන් ආණ්ඩුවේ ඉහළම නායකයන් සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතකට  අත එසවීමට සිදු වේදැයි 'අනිද්දා' විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඒ ගැන තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි.

 ඉන්දියා වසර හැත්තෑවක් (70) තිස්සේ එකම ව්‍යවස්ථාවට එකඟව එය රැකීමත් ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්ෂය කණ්ඩායම් අතර පවා මතභේද පැවතිම ගැන සැලකිල්ලට ගත් යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායකයා වැඩිදුරටත් පවසා ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...