BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

19 ලියපු ජයම්පති, වැලිඅමුණ සරණාගතයෝ වෙලා! - රෝහිණීගෙ කතාව බොරුවක්!! වැලිඅමුණ කීයයි.

T

The Leader Desk

August 27, 2020 • 3:37 AM

19 ලියපු ජයම්පති, වැලිඅමුණ සරණාගතයෝ වෙලා! - රෝහිණීගෙ කතාව බොරුවක්!! වැලිඅමුණ කීයයි. 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි.
  •  19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා.
  •  19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි.
  • ඇය එබව සඳහන් කළේ, පෙරේදා (අගෝස්තු 25) විල්ගමුවේ පැවති රැස්වීමක් ඇමතමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 එදා ජනාධිපති අතේ තිබුණ බලය අද, මහින්ද අගමැතිතුමාට ලැබිලා තියෙනවා.  19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා.  19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි.  ඒකට ඉඩ දෙන්නට ලංකාවේ ප්‍රගතිශීලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඩ දෙන්නේ නෑ ''යැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවාය.

ඇය එබව සඳහන් කළේ, පෙරේදා (අගෝස්තු 25) විල්ගමුවේ පැවති රැස්වීමක් ඇමතමිනි.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

 

පාර්ලිමේන්තු විසිරුවන්න බැරි නීතිය !

''1978 ව්‍යවස්ථාවෙත් ආණ්ඩුව පිහිටවලා වසරක් යනතුරු විසිරුවා හරින්නට බලයක් ජනාධිපතිට තිබුණේ නෑ. 19 සංශෝධනයෙන් එය වසර 4 ½ ක් දක්වා වැඩි කළා.  එහෙම නොකලා නම්, මහින්ද රාජපක්ෂ අගමැති ආණ්ඩුව ගන්නේ 2018 ඔක්තෝබර් මාසේ.  

 පාර්ලිමේන්තු ඡන්දයකින් අවුරුද්දක් යනකල් විසිරුවන්න බැරි නීතියක් 2015 දක්වාම තිබුණා. දැන් ඒකත් ඉවත් කරන්න, ජනාධිපති කැමති දවසට විසිරුවන්න නීති හදන්න බව අලි ෂබ්රි අධිකරණ ඇමති කියනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර 4 ½ ට කලින් පාර්ලිමේන්තුව විසිරුවීමේ ගේ අවස්ථාව නැති වුනේ, 19 සංශෝධනය නිසයි.

'' අගමැති මහින්දට වඩා ජනාධිපති ගෝඨාභය බලවත් වෙනවා''

 රාජ්‍ය නායකයෝ බලය බදා ගන්නා හැටි අපි දැකලා තියෙනවා. හැබැයි ජනාධිපති බලය අතහැරියේ, ජනාධිපති බලය අඩුකළේ 19 සංශෝධනයෙන් විතරයි.  19 අහෝසි කළොත්, ආයෙත් අගමැති මහින්දට වැඩිය, ජනාධිපති ගෝඨාභය බලවත් වෙනවා. මේක කරන්න තමයි, 19 අහෝසි කරන්න හදන්නේ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

 

‘දේශපාලන පිට්පොකට් ගැහිල්ලක්.‘

ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව පැවසූ විට, ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් කිරීමට 19 අහෝසි කිරීම තුල යෝජනා වෙනවා.  මේක ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කිරීමේ මුලික පියවර වීම වැලැක්විය නොහැකියි.  

විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණ අතර තියෙන තුලන හා සංවරනය බිඳ දැමූ රටකට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්වමක් නෑ. 19 අහෝසි කිරීම ‘දේශපාලන පිට්පොකට් ගැහිල්ලක්.‘  අශීලාචාර වැඩක්.

මතුපිටින් පැණි තවරලා, තිත්ත ඒකාධිපති බෙහෙත පොවන්නට 19 සංශෝධනය අහෝසි කිරීම පියවර දෙකකින් කරන්න බැසිල් රාජපක්ෂ - අලි ෂබ්රි උත්සහ කරනවා.    

 

ස්වාධීන කොමිෂන් සභා ???

jayampathi weliamunaමේ රටේ පුරවැසියෝ දිගු කාලයක් සටන් කරලා තමයි ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ. කවුරුත් ඒවා කැමැත්තෙන් කළේ නෑ.  අද 19 කෙටුම්පත් කරපු පුද්ගලයෝ දෙන්නාම, ජයම්පති වික්‍රමරත්න ස්විට්සර්ලන්තයේත්, ජේ.සී.වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේත් ‘සරණාගතයෝ වෙලා‘. 19 අහෝසි කළොත් රටටම සරණාගතයෝ වෙන්න සිද්ධ වෙනවා.  

''ආණ්ඩුවට තුනෙන් දෙකක් නැති වුනාට, තුනෙන් දෙකක් හොයාගෙන පස්ස දොරෙන් මන්ත්‍රී වෙන්න බැසිල් රාජපක්ෂ උත්සහ කරනවා.  අයියා වෙනුවෙන් මල්ලි, ඇමති පුටුවක් හිස් කරගෙන තියාගෙන ඉන්නවා. ''

ආණ්ඩුවට තුනෙන් දෙකක් නැති වුනාට, තුනෙන් දෙකක් හොයාගෙන පස්ස දොරෙන් මන්ත්‍රී වෙන්න බැසිල් රාජපක්ෂ උත්සහ කරනවා.  අයියා වෙනුවෙන් මල්ලි, ඇමති පුටුවක් හිස් කරගෙන තියාගෙන ඉන්නවා.

අනුර ප්‍රියදර්ශන, ශාන් විජයලාල් සිල්වා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායකට පොල්කුඩු ටිකක් වත් නෑ. පස්ස දොරොන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්නේ ඊලඟ අගමැති කරන්න. අපි රටක් විදිහට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී මාවත, ආපසු හරවන්න බැසිල් රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාවට ඉඩ දෙන්න බෑ.

පාර්ලිමේන්තුව තුල 19 සංශෝධනය ආපසු හැරවීම වැලැක්වීමට සමගි ජනබලවේගය කළ හැකි සෑම දෙයක්ම කරනවා.  19 රැකගන්න අපි පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි, සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ එක්ක, මහපාරේ සටන් කරන්නට සුදානම් යැයි ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

 

රෝහිනිගේ කතාව වැරදියි - වැලිඅමුණ කියයි

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප ජනාධිපති නීතිඥ වැලිඅමුණ ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුයේ, තම කිසිවිටෙක සරණාගතයකු ලෙස දේශපාලන රැකවරණ ලබාගෙන නොමැති බවයි.

මේවනවිට තමා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයකු ලෙස සේවය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේවනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පදිංචිව සිටින ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කලද එය අසාර්ථකවිය.

අපගේ තොරතුරු අනුව ඔහු මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් පිළිඳව අධ්‍යයන කටයුත්තක නිරතව සිටින බව වාර්තා වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...