BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සමාජ මාධ්‍ය තහනම: ජීවිත 19ක් අහිමි වේ - Gen Z විරෝධතා හමුවේ නේපාල රජය පසුබසී

T

The Leader Desk

September 9, 2025 • 7:53 AM

සමාජ මාධ්‍ය තහනම: ජීවිත 19ක් අහිමි වේ - Gen Z විරෝධතා හමුවේ නේපාල රජය පසුබසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.
  • "Gen Z ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා" සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසූ බව වාර්තා වී තිබේ.
  • අගනුවරින් පිටත නගරවල ද පැවති විරෝධතාවලින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
  • නමුත් නේපාල රජය පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද තහනම සාධාරණීකරණය කළේ, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනම් කරන බව පවසමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින්, දහස් ගණනක් තරුණ තරුණියන් සඳුදා [සැප්තැම්බර් 08] කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

"Gen Z ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා" සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසූ බව වාර්තා වී තිබේ.

අගනුවරින් පිටත නගරවල ද පැවති විරෝධතාවලින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

 

 

ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා සඳහා නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර ඔවුහු විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ඒවා මත යැපෙති. නමුත් නේපාල රජය පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද තහනම සාධාරණීකරණය කළේ, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනම් කරන බව පවසමිනි.

nepal p1

සඳුදා වීදි බැස විරෝධතා දැක්වූ තරුණ පිරිස් කියා සිටියේ රජයේ ඒකාධිපති ආකල්පය ලෙස ඔවුන්ට පෙනෙන දේට එරෙහිව විරෝධතා දක්වන බව ය. "enough is enough [හොඳට ම ඇති]" සහ "end to corruption [දූෂණයට තිත]" ඇතුළු සටන් පාඨ සහිත පුවරු බොහෝ දෙනෙක් ඔසවාගෙන සිටියහ.

ඇතැම් විරෝධතාකරුවෝ අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ උපන් ගම වන ඩමාක්හි පිහිටි ඔහුගේ නිවසට ද ගල් ගැසූහ.

විරෝධතාකරුවෙකු වන සබානා බුඩතෝකි මීට පෙර බීබීසී වෙත පවසා තිබුණේ ඔවුන් එක්රැස් වූයේ සමාජ මාධ්‍ය තහනම යන "හේතුව මත පමණක්" බව ය.

"සමාජ මාධ්‍ය තහනම වෙනුවට, මම හිතන්නේ හැමෝම අවධානය යොමු කරන්නේ දූෂණය ගැන" යැයි පවසමින්, "අපට අපේ රට නැවත අවශ්‍ය යි. අපි ආවේ දූෂණය නවත්වන්න," යැයි ඇය පැවසුවා ය.

 



දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් ඉස්මතු කරමින් සහ ඔවුන්ට දූෂණවලින් උපයන අරමුදල් ලැබෙන බවට චෝදනා කරමින් "නෙපෝ කිඩ්" නැමති සමාජ මාධ්‍ය සටහන් මෑත සතිවල නේපාල සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී තිබේ.

පොලිසිය කත්මණ්ඩු නුවර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාර, බැටන් පොලු සහ රබර් උණ්ඩ භාවිත කළේ ය.

ප්‍රචණ්ඩත්වය සහ ජීවිත හානි සංඛ්‍යාව පිළිබඳව තමා "අතිශයින් ම කනගාටුවට පත්වන" බව පැවසූ අගමැති කේ.පී. ෂර්මා ඔලි, එදින සිදුවීම් "විවිධ කල්ලි කණ්ඩායම්වල වැඩක්," බවට චෝදනා කළේ ය.

nepl

 

විරෝධතා විමර්ශනය කිරීම සඳහා රජය මණ්ඩලයක් පිහිටුවන බවත්, වින්දිතයින්ට මූල්‍යමය "සහන" ලබා දෙන බවත් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහු පැවසීය.

විරෝධතා මැඩපැවැත්වීමට බලය යෙදවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමෙන් පසු, ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් සවස් වරුවේ ඉල්ලා අස්විය.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට නියමිත කාල සීමාවට අනුකූල නොවීම හේතුවෙන් Facebook, YouTube, WhatsApp, Instagram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට බලධාරීහු පසුගිය සතියේ නියෝග කළහ.

නේපාල රජය පවසන්නේ, තමන් සමාජ මාධ්‍ය තහනම් නොකරන බවත්, ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සහ කරන බවත් ය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...